සමරිසි අයට නොරිසි වූ කටාරය සහ ලෝක පාපන්දුව

Date:

බෙහෝ ක්‍රීඩාවන් මෙන්ම ඒ ඒ ක්‍රීඩාවන්ගේ ජාත්‍යන්තර සංගම් සහ සම්මේලන ද මේ මොහොතේ සමරිසි සබඳතා මැජික් ලෙස නොසළකන අතර එය මිනිසුන්ගේ ස්වභාවික කැමත්ත මත සිඳුවන සහ එසේ සිදුවීමට අවහිර නොකළ යුතු බව සිතන තැනෙක පවතියි.නමුත් කටාරය යනු සමලිංගික සබඳතා මරණ දඩුවමට ලක් කළ යුතු වරදක් බව සිතන රටකි.ඒ තත්ත්වය මත ජාත්‍යන්තර පාපන්දු ලෝක කුසලානය එරට පැවත්වීමේදී ඇතැම් පාපන්දු සංවිධාන සහ රටවල ජාතික බලධාරීන් එරටේ දි පරිස්සම් සහගත ලෙස හැසිරෙන සේ සමරිසි ප්‍රජාවට කරන බලපෑම සමරිසි අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානවල බරපතල විවේචනයට ලක් ව ඇත.
බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ජේම්ස් ක්ලෙවර් විසින් එංගලන්තයේ සහ වේල්සයේ සිට පැමිණෙන රසිකයින්ට පැවසුවේ “සමලිංගික ක්‍රියාකාරකම් නීති විරෝධී රටක් වන බැවින් සත්කාරක ජාතියට ගරු කරන්න”යනුවෙන්ය. “මේවා මුස්ලිම් රටවල්, අපට වෙනස් සංස්කෘතික සංස්කෘතික ලක්ෂන තියෙන තැන්. ඔබ රටකට ආගන්තුකයෙකු වන විට සත්කාරක ජාතියේ සංස්කෘතියට ගරු කිරීම වැදගත්” යනුවෙන්ද ලේකම්වරයා පවසා ඇත.

මේ තත්ත්වය නිසා සමරිසි අයිතීන් සම්බන්ධයෙන් ක්‍රියාකාරී සංවිධාන එයට සිය විරෝධය පළ කරන්නට පටන්ගෙන ඇත.ඔවුන් පෙන්වා දෙන්නේ මිනිසුන්ගේ ස්වාධීනත්වයට ගරු නොකරන රටක් හැටියට කටාරයට මේ තරගාවලිය සංවිධානය කරන්න දීම වැරදි බවය.එවැනි රටකට ලෝකයට වාරණ නීති පනවමින් කීර්තිය සහ ධනය උපයා ගන්නට නොදිය යුතු බව ද ඔවුන්ගේ අදහස වී ඇත.ලොව පුරා විවිධ පුද්ගලයින් සහ සංවිධාන මේ සම්බන්ධයෙන් කටාරයට විරෝධය පළ කරන්නට පෙළ ගැසෙමින් සිටිනු දකින්නට ඇත.ඒ අනුව කටාර් හී ම සමරිසි අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්නෙක් සේ ප්‍රකට පීටර් ටැට්චෙල් හුදෙකලා විරෝධයක නිරත වී ඇත.එහිදී ඔහුව අත් අඩංගුවවට ගත් බවත් වඡ හිංසා කළ බවත් පැවසුවද කටාරය එය ප්‍රතික්ෂේප කර ඇත.කෙසේ හෝ ඊයේ උද්ඝෝෂණය සම්බන්ධයෙන් පොලිසිය භාරට ගත් පීටර් ව සුළු වේලාවකට පසුව නිදහස් කර ඇත.

ඡායාරූපයේ දැක්වෙන්නේ පීටර් ටැට්චෙල් විරෝධය දැක් වූ අයුරුයි.මෙහි ප්‍රධාන ඡායාරූපයේ දැක්වෙන්නේ එංගලන්ත පාපන්දු කණ්ඩායමේ නායකයා සමරිසි ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින LGBT ප්‍රජා වෙනුවෙන් සහය දක්වන අවස්ථාවකි.ඔහු ඊට කැමැත්ත පළ කරමින් දේදුණු වර්ණ අත් පටියක් පැළඳ ක්‍රීඩා කරන අයුරු දැකිය හැකි අතර සමහර ක්‍රීඩකයින් තමන්ගේ පාවහන් ලේස පවා එම සහය දැක්වීම වෙනුවෙන් දේදුණු වර්ණ ගන්වා ඇත.හැරී මේ ආකාරයට සිය සහය පළ කරන්නේ ඔක්තෝම්බර් 9 සිට 19 දා පැවති LGBTQ+ හිමිකම් සහ වාර්ෂික රේන්බෝ ලේස් ව්‍යාපාරය සඳහාය.



RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...