කැළණිතිස්ස විදුලි බලාගාරයේ ජනන කටයුතු මේ වනවිට නවතා දමා ඇති බව වාර්තා වේ.
ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරිවරුන්ගේ සංගමයේ සභාපති ඒ. ජී. යූ. නිශාන්ත මහතා පැවසුවේ එම බලාගාරයේ බෙයාරිං පද්ධතියට සිදුව ඇති හානියක් නිසා මෙසේ ජනන කටයුතු නවතා දමා ඇති බවයි.
කෙසේවෙතත් විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විධායක මණ්ඩලයේ සාමාජික ධම්මික විමලරත්න මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ කැළණිතිස්ස බලාගාරය සඳහා අවශ්‍ය නැප්තා ඉන්ධන නොමැති වීමෙන් මෙසේ එහි ජනන කටයුතු තාවකාලිකව නවතා දමා ඇති බවකි.
RN