Bldtna ප්‍රධාන කතෘ ඝාතනයට සැකපිට 10 දෙනෙකු අත්අඩංගුවට!

Date:

ඊශ්‍රායලයේ මාධ්‍ය මර්දනය සහ මනුෂ්‍ය ඝාතන රැල්ලක් නිර්මාණය වෙමින් පවතින බවට චෝදනාවක්..

ඊශ්‍රායලයේ මාධ්‍ය ආයතනයක් වන Bldtna හි ප්‍රධාන කතෘ නිදාල් අග්බරියා නම් මාධ්‍යවේදියා මහමඟ වෙඩි තබා ඝාතනය කළ පුවත අප ඔබට වාර්තා කළේ ඉකුත් සැප්තැම්බර් 07 වන දින ය.

මේ වන විට මෙම ඝාතනයට අදාළව සැකකරුවන් දහ දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

ඉකුත් සතිය තුළ සැකකරුවන් සිව් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඊයේ (26) දින වන විට තවත් සැකකරුවන් සය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැප්තැම්බර් 04 වන දින සිදුවූ මෙම ඝාතනය හමුවේ ඊශ්‍රායල පොලීසිය කටයුතු කළ අන්දම පිළිබඳ බොහෝ විවේචන එල්ල වූ අතර, ඊශ්‍රායලයේ මනුෂ්‍ය ඝාතන රැල්ල හමුවේ බලධාරීන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවට මාධ්‍ය ප්‍රජාව මඟින් එල්ල වී තිබිණි.

නිදාල්ගේ පවුලේ සාමාජිකයන්ට ශෝකය පළකරමින් සිදුවීමෙන් කැළඹීමට පත් ඊශ්‍රායල මාධ්‍ය ප්‍රජාව පොලීසියට චෝදනා කළේ නිදාල් ගේ ඝාතනය වළක්වා ගැනීමට පොලීසිය අසමත් වූවා පමණක් නොව ඔහුගේ ඝාතකයන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට උනන්දුවක් ද නොමැති බවයි. ඒ වෙනුවට ඔවුන් එම ඝාතනය සිදුව ඇති ස්ථානයට විත් ඡායාරූප ගනිමින් කාලය ගත කරන බව ඔවුන් විසින් චෝදනා කර තිබිණි.

මෙම ඝාතනයට එරෙහිව ප්‍රභල ජන හඬක් සහ විරෝධතා මාලාවක් සංවිධානය කිරීමට ද ක්‍රියාකාරීන් කටයුතු කර තිබිණි.

ඡායාරූප: Ahmad Gharabli/AFP via Getty Images

සබැඳි පුවත්:

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...