*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 10/27

1. ටීඑන්ඒ පක්‍ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් ද්විත්ව පුරවැසිභාවය දරන බවට එල්ල වන චෝදනා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් විසින් ප්‍රතික්ෂේප කරයි. ඔහු එම චෝදනා “සැබවින්ම විකාරරූපී” බව ප්‍රකාශ කරයි.

2. විහාරස්‌ථානවල සාමණේර හිමිවරුන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමට බෞද්ධ නිකායන් මැදිහත් විය යුතු බව රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති හිමි ආචාර්ය අක්‌කුරේටියේ නන්ද හිමියෝ පවසති.
-අවුරුදු 12ට අඩු අය පැවිදි නොකළ යුතු බව ද උන්වහන්සේ පවසති.

3. ඉදිරි සති 2 සිට 3 දක්වා කාලය තුළ රජය ණය හිමියන් සමඟ ගිවිසුම් අවසන් නොකළහොත් 2022 අවසානය වන විට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි අනුමැතිය නොලැබෙනු ඇතැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආධාර ඉල්ලා සිට මාස 7-1/2 ක් ගත වී ඇතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හෝ ඕනෑම ද්විපාර්ශ්වික අරමුදල් මූලාශ්‍රයකින් ඩොලරයක්වත් ලැබී නැත.

4. රුපියල් බිලියන 80ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කළද ඉන් විකිණී ඇත්තේ රුපියල් බිලියන 69ක භාණ්ඩාගාර බිල්පත් පමණි. මාස 3ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියෙන් ලද අගය මෙය වන අතර, එය අනාගත ණය බේරුම්කරණ කාර්ය තවත් අසීරු කරනු ඇති බව සඳහන් . එය මාස 3ට සියයට 33.05ක් ලෙසත්, මාස 6කට සියයට 32.53 ක් ලෙසත් වාර්තා වේ. විශ්ලේෂකයින් පවසන්නේ මේ හේතුවෙන් විශාල ණය අර්බුදයක් මතුවෙමින් පවතින බවයි.

5. අත්‍යාවශ්‍ය ඖෂධ 120 ක හිඟයක් පවතින බව වෛද්‍ය රසායනාගාර විද්‍යා විද්‍යාලය ප්‍රකාශ කරයි.
-වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සිදු කරන ලද පරීක්ෂණ 40 කට වැඩි ප්‍රමාණයක් ඖෂධ හිඟයෙහි ප්‍රතිඵලයක් ලෙස සිදු නොකරන බව ද පවසයි. ඒ කෙසේවෙතත් ඖෂධ හිඟය දරුණු නැතැයි’ සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.

6. රුපියල් 100,000 ට වඩා වැඩි ආදායමක් ලබන අය බදු වැඩිවීම නිසා පීඩාවට පත්වන තරම, දරිද්‍රතා රේඛාවේ ට පහළින් සිටින්නන් උද්ධමනය නිසා පීඩාවට පත් වන තරමට වඩා අඩුබව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කරයි.
-“රජයට කෙසේ හෝ වැඩි ආදායමක් එකතු කර ගැනීමේ හදිසි අවශ්‍යතාවක් පවතින බවත් ” ඔහු පවසයි.

7. වත්මන් ආර්ථික අර්බුදයට නිසි විසඳුම් සෙවීමට දේශපාලන අධිෂ්ඨානයන් සහ ප්‍රසිද්ධ නොකළ තීරණ ගැනීමට ඇති සූදානම අත්‍යවශ්‍ය බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන පවසයි: රුපියල් බිලියන 200 කට අධික රජයේ නොගෙවූ බිල්පත් හේතුවෙන් කර්මාන්ත කිහිපයක සැලකිය යුතු අර්බුදයන් මතු වේ.

8. රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරික කීර්ති තෙන්නකෝන් විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අජිත් නිවාඩ් කබ්‍රාල්ට එරෙහිව ගොනු කළ පෞද්ගලික පැමිණිල්ලක්, අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී තමන් විසින් පැමිණිලි කර ඇති ක්‍රියාමාර්ගයම හෙළිදරව් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් පැමිණිලිකරු අධිකරණය නොමඟ යවා ඇති බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් ප්‍රකාශ කරයි. එහිදී නීතිඥවරයා කියා සිටියේ මෙම පෞද්ගලිකව ගොනුකරන ලද පැමිණිල්ලේ මූලික චෝදනාව, මීට පෙර 2021 නොවැම්බර් මාසයේදී අභියාචනාධිකරණයේදී ද විභාග කරන ලද බවයි.


9. එක්සත් රාජධානියේ පොලිසියෙන් කරන ඉල්ලීම වන්නේ “පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනටමත් සිදු කර ඇති විමර්ශනවලට අදාළ වාර්තා සමාලෝචනය කිරීම” මිස අලුත් පරීක්ෂණයක් සඳහා නොවන බව මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි පවසයි.

10. ශ්‍රී ලංකා ස්කොෂ් සංගම​යේ නිලධාරියෙකු පවසන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයට මුදල් නොමැති බැවින් ලබන සතියේ පැවැත්වෙන ආසියානු ස්කොෂ් ශූරතාවලියට ශ්‍රී ලංකාව කණ්ඩායමක් ඉදිරිපත් නොකරන බවයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan