ගෝඨාභය වෙනුවෙන් තවදුරටත් පෙනී සිටින්නේ නෑ – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි !

Date:

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනුකර තිබෙන පෙත්සමක වග උත්තරකරු වන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් තමන් තවදුරටත් පෙනී නොසිටින බව නීතිපතිවරයා අද (27) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා ගතයුතු පියවර නොගැනීම තුළින් රජය තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරමින් මෙම පෙත්සම ගොනුකර තිබිණි.

එම පෙත්සම අද යසන්ත කෝදාගොඩ, ඒ. එච්. එම්. ඩී. නවාස් සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා දන්වා සිටියේ නීතිපතිවරයා තවදුරටත් වග උත්තරකාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී නොසිටින බවයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බොලිවියාවේ ඉදිරි දේශපාලන වෙනසක් සිදුවේද? බොලිවියාවේ ජනාධිපතිවරණය ගැන නොදත් දේ..

රෂිකා හෙන්නායක අගෝස්තු 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දශක දෙකකට ආසන්න...

අත්අඩංගුවට ගත් කටුනායක ගුවන් තොටුපල ආරක්ෂක නිලධාරියා ගැන විමර්ශනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW: ආයුධ තොගයක් සමඟ අත්අඩංගුවට...

හෙට තැපෑල අඩාල වෙයිද?

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW: හෙට (17) පස්වරු 4.00...

පාකිස්තානයේ රෝහල් තුළ දැඩි අර්බුදයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වනවිට පාකිස්තානයේ...