අවසානයට අර්ජුනගේ නායකත්වයෙන් ලෝක කුසලානයකදී එංගලන්තයට පැරදී ඇති ශ්‍රී ලංකාව තව දුරටත් අපරාජිත වාර්තාව රැක ගනියි

0
4618

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ ( LNW ): ශ්‍රී ලංකාව මේ මොහොතේ පැවත්වෙන ලෝක කුසලාන තරගාවලියේ සිය දෙවන ජයග්‍රහණය වාර්තා කළේ එංගලන්තයට එරෙහිවයි.එංගලන්තය වත්මන් ලෝක සූරතාවය හිමි කණ්ඩායම වුණත් මෙවර තරගාවලියේ දැනට සිටින්නේ නවවන තැනයි.මේ දත්ත අනුව අවසන් කණ්ඩායම් හතර අතරට ඒමට එංගලන්තයට ඇති ඉඩ කඩ සීමිත වුවත්,ශ්‍රී ලංකාව මුල් කණ්ඩායම් හතරට ආසන්නයේම සිටින කණ්ඩායම හැටියට ඊයේ ජයග්‍රහණයත් සමඟ පස්වන තැන සිටිනවා.

එංගලන්තය ලෝක සූරතාවය දිනා ගත් ඉකුත් කරගාවලියේදී ද ශ්‍රී ලංකාව සමඟ පැවති තරගය පරාජයට පත් වුණා.ලෝක කුසලාන තරගාවලියක එංගලන්ත කණ්ඩායමක් අවසාන වරට ශ්‍රී ලංකාව පරාජය කර ඇත්තේ 1999 ලෝක කුසලාන තරගාවලිය තුළයි.එවර ලෝක සූරයන් ලෙස ශ්‍රී ලංකාවට ලෝක සූරතාවය දිනා දුන් අර්ජුන රණතුංගගේ නායකත්වය යටතේම සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයෙන්ම එළියට වීසිවන අවස්ථාවේ එංගලන්තයට පරාජය වුණා.96 ලෝක කුසලාන ජයට වැදගත් වූ අර්ජුනගේ නායකත්වය මිස 99 පරාජයට හේතු වූ අර්ජුනගේ නායකත්වය වැඩි පුර කතාබහට ලක්වන්නේ නැහැ.එම පරාජය පිටුපස අර්ජුන ලෝක කුසලානය ජය ගන්නට මඟ පෙන්වූ නායකයා හැටියට කණ්ඩායම තමන්ට අවශ්‍යය විදිහට මෙහෙයවීම සහ තෝරා ගැනීමේ ක්‍රමවේදය දැඩිව බල පෑවා.

එංගලන්ත කණ්ඩායමට එවැනි බලපැමක් නැතත් ගෙවුණු එක්දින ලෝක කුසලාන තරගාවලිය මෙන්ම විස්සයි විස්ස තරගාවලියද ජයගෙන සූරත්වයේ පෙණුම සම්පූර්ණ කර ගෙන සිටින එංගලන්තය මේ මොහොතේ උප මහද්වීපික තණතීරු තුළ දැඪිව පීඩනයට ලක්ව සිටින බව පැහැදීළියි.ශ්‍රී ලංකාවද තරගාවලියට සහභාගී වුණේ දැඩී පීඩනයක් මැදයි.ආබාධවලට ලක්ව සිටින ක්‍රිඩක පිරිස දවසින් දවස ඉහළ යමින් තිබියදී නිසි පරිදි අදාළ මොහොතේ හොඳම කණ්ඩායම තෝරා දීමට ශ්‍රි ලංකා තේරීම් කමිටුව අසමත් වෙනවා.ඒ නිසා මේ වන විට කණ්ඩායමේ නායකත්වයේ සිටම වෙනස් වෙමින් මුල් මොහොතේ කණ්ඩායමට ඇතුළත් නොවුණු කණ්ඩායමක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටිනවා.

ශ්‍රී ලංකාව විස්සයි විස්ස තරගාවලිය ජය ගැනීමේදී ත් මේ ආකාරයටම කණ්ඩායම වෙනස් නොවුණත් නායකත්වය වෙනස් වුණා.ඒ වන විට ලකුණු අතර නොසිටි දිනේෂ් චන්දිමාල් නායකයෙක් ලෙස කණ්ඩායම මුල් තරගවලදී ජයග්‍රහණය සඳහා මෙහෙයවනු ලැබුවත්,ඒ මොහොතේ ඔහු පිතිකරුවෙක් ලෙස දැඩි අසාර්ථකවීමක සිටි බැවින් ඔහුම කැමත්තෙන් පරිපාලනය සමඟ කතා කර කණ්ඩායමෙන් ඉවත් වෙමින් මහත්මා ගති ප්‍රදර්ශනය කළා.මෙවර තරගාවලියේදී දසුන් ශානක කණ්ඩායම ඇතුළත තමන්ට ලැබුණු බලය සමඟ ගණුදෙනු කළ ආකාරයේ අර්බූදයක් ඇතුළෙ ක්‍රීඩාකරණයෙන් මෙන්ම නායකත්වයෙන් ද අසාර්ථක වෙමින් සිටියදී,තේරුම් කමිටුව ඔහුව නායකත්වයට නම් කර මේ තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම යොමු කරන්නට කටයුතු කළා.අද වන විට විහිළුකාරයෙක් හැටියට ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රිඩා කරන අවදියේ සිටම ප්‍රකට ප්‍රමොදය වික්‍රමසිංහ අසමත් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම නව වෙනස්කම් සමඟ ජයග්‍රහණ ලබන්නට පෙළඹී තිබෙනවා.

අර්ජුනගේ නායකත්වය යටතේ 1999 දී අසාර්ථක වූ කණ්ඩායමට පසුව ලෝක කුසලානයකදී අසාර්ථකම ලෙස හැසිරෙන කණ්ඩායම බවට දසුන් ශානකගේ නායකත්වය යටතේ සහ ප්‍රමෝදය වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් තෝරන ලද කණ්ඩායම නම් කළ හැකි අතර එහෙත් මේ වන විට එම හැඩය පුද්ගල වගකීම් සමඟම වෙනස්වීම හරහා ශ්‍රී ලංකා කණ්ඩායම මුල් කණ්ඩායම් පහ අතරට ඒමට සමත් ජයග්‍රහණ වාර්තා කර තිබෙනවා.අවසානය කෙසේ වුව ද ශ්‍රී ලංකාව තරගාවලිය ආරම්භයේ සිටම ටමරට ප්‍රේක්ෂකයාගේ සිටම දැඩිව විවේචනයට බදුන්ව තිබෙන මොහොතක යළි ජයග්‍රහණ සහ විශ්වාසය යම් පමණකින් තහවුරු කර ගැනීම වැදගත් වෙනවා.

මේ මොහොතේ ශ්‍රී ලංකාව සතුව සිටින හොඳම පිතිකරුවා කුසල් මෙණ්ඩිස් බව ජාත්‍යන්තරය විශ්වාස කළත්,ඔහු නායකයෙක් ලෙස තරගාවලිය තුළ කණ්ඩායමට ලබා දෙන මඟපෙන්වීම නායකයෙක් ලෙස පිත්තෙන් දෙන දායකත්වයෙන් ඔප්පු කර නැහැ.එය නායකත්වයේ පීඩනයක් ලෙස ගත නොහැකි වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම පන්දු ප්‍රමාණයක් කඩුල්ල පිටුපස සිට රැක ගන්න ක්‍රීඩකයා වන කුසල් එහිදී සිය කාර්යය විශිෂ්ඨ ලෙස සහ අති සංයමයකින් ඉටු කරනවා.එංගලන්තයට එරෙහිව තරගයේදිත් කුසල් මෙණ්ඩිස් නායකත්වයේ වගකීම සහිතව ක්‍රිඩකයින් පස් දෙනෙකුම දවා ගන්නට හවුල් වූයේ කාගෙත් අවධානයට ලක් වූ දුවද්දි දවා ගැනීමක් සහ ස්ටම්ප් කිරීමක් ද සහිතවයි.

කඩුලු 8 ක විශිෂ්ඨ ජය සඳහා ගමන් කිරීමේදි තරගාවලිය පුරාම තැන්පත්ව සිය වගකීම උපරිමයට ඉටු කරමින් සිටින පිතිකරුවන් දෙදෙනා වන පැතුම් නිශ්ශංක (77) සහ සදීර සමරවික්‍රම (65) පෙරමුණ ගත්තා.එංගලන්තය ලබා ගත් ලකුණු 156 හඹා යාමේ දී ලකුණු 23 ට කඩුලු 2 ක් ම අහිමිව සිටි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තෙවන කඩුල්ලට සදීර සහ පැතුම් නොබිදි ලකුණු 137 ක සබඳතාවයක් එක් කරමින් ශ්‍රී ලංකාව නෙදර්ලන්තයට එරෙහිව ලද ජයග්‍රහණයේදී එම ජයග්‍රහණය සම්බන්ධයෙන් යොමු වුණු අඩු අවදානය වෙනස් කර ගනිමින් ජයගත හැකි දක්ෂයන් සහිත කණ්ඩායමක් හැටියට ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් ප්‍රජාව ඉදිරියේ ගෞරවයට පත් කළා.

සදීර සහ පැතුම් වෙනුවට තරගයේ ජයග්‍රහණයට මඟ පෑඳු ක්‍රීඩකයා වෙමින් තරගායේ වීරයා සම්මානයට ලක් වූයේ ලහිරු කුමාරයි.එංගලන්තය ලකුණු 156 ට සීමා කරන අවස්ථාවේ ලිහිරු ලකුණු 35 ට කඩුලු 3 ක් දවා ගනිමින් එම ගෞරවයට හේතු පාඨය සකසා ගත්තා.කලෙකට පසුව කණ්ඩායමට එක් වුණ ජ්‍යෙෂ්ඨ ඇන්ජලෝ මැතිව්ස් ඊයේ තරගයේදී පන්දු යවන්නෙක් ලෙස සාර්ථක වෙමින් ලකුණු 14 ට කඩුලු 2 ක් දවා ගැනිමත් කැපී පෙණුනා.

තරගයේ ලකුණු විස්තරයට පහතින් පිවිසිය හැකියි.
https://www.espncricinfo.com/series/icc-cricket-world-cup-2023-24-1367856/england-vs-sri-lanka-25th-match-1384416/full-scorecard
ලකුණු සටහනේ පස්වන තැනට පත් වූ ශ්‍රී ලංකාව සමග අලුත්ම ලකුණු තත්ත්වයට පහතින් පිවිසෙන්න.
https://www.espncricinfo.com/series/icc-cricket-world-cup-2023-24-1367856/england-vs-sri-lanka-25th-match-1384416/points-table-standings