*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

ඇමෙරිකාවේ හාට් ටු හාට් ඉන්ටනැෂනල් වෙතින් ලංකාවට තවත් රු මිලි 985 ක වෛද්‍යාධාර…! තානාපති මහින්ද සමරසිංහගේ තවත් වැඩක්….!

අශෝක ජයතුංග
වොෂින්ටන් නුවර
(LNW)
:

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ ඉල්ලීම මත එරට “හාට් ටු හාට් ඉන්ටර්නැෂනල්” වෙතින් තවත් රු මිලි 985 ක (ඩො මිලි 2 . 9 ක) ඖෂධ තොගයක් ලංකාවට පරිත්‍යාග කර තිබේ.

එය ඔවුන් පසුගිය වසරක කාලය තුළ ලංකාවට ලබාදුන් 08 වන පරිත්‍යාගය වේ.

අදාළ ආධාර තොගය ඹක් : 26 දා ගුවනින් ශ්‍රී ලංකාවට ලඟාවී තිබේ.

එම ඖෂධ අතර පිළිකා, වකුගඩු අගන්‍යාශය හා මොළය ආශ්‍රිත රෝග සඳහා ඇමෙරිකාවේ නිපදවූ ලොව නවීනතම හා මිල අධිකම ඖෂධ වේ.

මේ දක්වා ඇ. ඩො. මිලියන 53 ක වෛද්‍ය ආධාර එම ආයතනය විසින් ලංකාවට ලබාදී ඇති අතර එය ආසන්න වශයෙන් රු මිලි 13,000 කට අධික අති විශාල මුදලකි.

එම ආධාර වල ප්‍රවාහනය ඇතුළු සියලු වියදම් එම ආයතනය මගින් දරන පසුබිම ඇති කරගැනීමට තානාපති මහින්ද සමත්ව තිබේ.

ඇමෙරිකාවේ කන්සාස් ප්‍රාන්තයේ මූලස්ථානය පිහිටි හාට් ටු හාට් ආයතනය 1992 සිට මේ දක්වා ලොව රටවල් 130 කට ඇ. ඩො බිලියන 2 . 5 ක අති දැවැන්ත මුදලක ඖෂධ පරිත්‍යාග කර තිබේ.

යම් රටක ස්වාභාවික විපත් වලදී එම ආයතනය විශේෂ මැදිහත්වීම් සිදු කරනු ලැබේ.

ශ්‍රී ලංකාවට ලබාදුන් මෙම ඖෂධ තොගය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සෞඛ්‍ය ඇමති වූ පසු විදේශයකින් ලැබුණු ප්‍රථම පරිත්‍යාගය වේ.

හාට් ටු හාට් වෙත සිය ස්තුතිය පිරිනැමූ තානාපති මහින්ද සමරසිංහ මහතා ලාංකීය ජනතාවගේ ගෞරවය ද එම ආයතනය වෙත පළ කළේය.

රෂිකා හෙන්නායක

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan