බොරු කියල කියල බොරුවෙන් ජීවත් වූවන්ට ඕනේ බොරුවම තමයි – පෝලිම්,ගැටුම් කතාවලට ටිල්වින් දැනෙන්නම කියයි

කොළඹ LNW:රටක් පාලනය කරන විට දේශපාලන පක්ෂ අතර සහෝදරත්වය,සමඟිය උපරිමයෙන් තබාගෙන රට පාලනය කරන එකම දේශපාලන ව්‍යාපරය ජාතික ජන බලවේගය බව ඔප්පු කර තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසුවේය.

පොල් හිඟය මෙන්ම ජනාධිපති අගමැති අතර ගැටුමක් පවතින බවට ප්‍රචාරය කරන අසත්‍ය පුවත්වලට ප්‍රතිචාර දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

ඒ,ඊයේ (27) කළුතර මහජන රැළිය අමතමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා,

”බොරු කියල කියල බොරුවෙන් ජීවත් වෙච්ච උන්ට බොරුම තමයි ඕනේ. දැනුත් ඔය බොරු කියන්නේ නැද්ද? දැන් මේ දවස්වල හදිස්සියේ පොල් හිඟයක් ඇවිල්ලලු. නිකන් අපි පොල් හිඟයක් හැදුවා වගේ. ඔයගොල්ලෝ අහල තියෙනවද අද හිටවල දවස් තුනෙන් ගෙඩි කඩන්න පුළුවන් පොල් වර්ගයක් තියෙනවා කියල. පොල් හිඟයක් තියෙනවා. තියෙන්නේ ඇයි? ඒ ගොල්ලන්ගේ කාලේ පොල් වගාව කළේ නැහැ. පොල් වගාවට ඕන පොහොර දුන්නේ නෑ. පොල් හිටෙව්වේ නෑ. ඒ ඔක්කොම විනාශ කළාම දැන් අපට හිඟයක් ඇවිල්ලා. ඕක අපි විසදන්න ඕනේ තමයි. හැබැයි මේ හිඟයට වගකියන්න ඕනේ ඒගොල්ලෝ. දැන් ඔය කොහෙද තියෙන පින්තූර අරන් දානවා පෝලිම් තියෙනවා කියල. ඊයේ පෙරේදා තව බොරුවක් කිව්වා. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති පත්කරන්න ගිහිල්ලා හරිනි අමරසූරිය සහෝදරිය සහ අනුර අතර ගැටුමක් තියෙනවා කියල. ඒගොල්ලන්ට පුදුම අසනීපයක් තියෙනවා ඔය ගැටුම් ගැන. අපිට විරුද්ධ අය හීනයක් දකිනවා NPP එකයි JVP එකයි අතර ගැටුමක් තියෙනවා කියන්න. කාලයක් කිව්වා හරිනි සහෝදරියයි මායි අතර ගැටුමක් තියෙනවා කියල. දැන් කියනවා අර දෙන්නා අතර ගැටුමක් තියෙනවා කියල. අපි යසට වැඩේ කරගෙන යනවා ටොප් එකට. හැබැයි ඒගොල්ලෝ ගැටුමක් ගැන හීන මවනවා. කමක් නෑ දැක දැක ඉන්න. අපි ඕකෙන් නැගිට්ටවන්න යන්න ඕනේ නෑ. හැබැයි අපි කියනවා රටක් පාලනය කරන කොට අපේ රටේ දේශපාලන පක්ෂ අතර සහෝදරත්වය සහ සමඟිය උපරිමයෙන් තියාගෙන රට පාලනය කරන එකම දේශපාලන ව්‍යාපරය ජාතික ජන බලවේගය කියන එක අපි ඔප්පු කරලා තියෙනවා.” යනුවෙන් ටිල්වින් සිල්වා මහතා තවදුරටත් අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රධාන බලවතුන්ගේ ඒකපාර්ශ්වික ක්‍රියා හමුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය අර්බුදයක?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත්...

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...