*
Monday, October 28, 2024
spot_img

Latest Posts

දේශපාලනය හැදෑරීමට උනන්දුවක් දක්වන්නන්ට වටිනා අවස්ථාවක්!

කොළඹ LNW:IDAG සහ IOP පූර්ණ ශිෂ්‍යත්ව 100 ක වැඩසටහන ඔක්තෝබර් මස සිට ක්‍රියාත්මකයි.

ප්‍රජාතන්ත්‍රවාදය, බලය බෙදීම සහ පළාත් පාලනය පිළිබඳව උනන්දුවක් දක්වනන් හට ඒ පිළිබඳව විධිමත්ව අධ්‍යාපනය ලබාගැනීම සඳහා වටිනා අවස්ථාවක් නොමිලේ උදාකරමින් IDAG & IOP පූර්ණ ශිෂ්‍යත්ව වැඩසටහන දැන් ආරම්භ වී ඇත.

ප්‍රජාතන්ත්‍රවාදය සහ ආණ්ඩුකරණය පිලිබඳ ආයතනය (Institute of Democracy and Governance (IDAG) ) සහ දේශපාලනය පිලිබඳ ආයතනය (Institute of Politics (IOP) ) එක්ව මෙහෙයවනු ලබන මෙම ප්‍රජාතන්ත්‍රවාදය, විමධ්‍යගතකරණය සහ පළාත් පාලනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ ක්ෂේත්‍රයේ විෂයය ප්‍රවීණයින් විසින් මෙහෙයවනු ලබයි.

මූලික වශයෙන් සෙනසුරාදා දිනයන්හි මාර්ගගතව (ONLINE) පවත්වනු ලබන මෙම පාඨමාලාව සඳහා කොළඹ දී පවත්වනු ලබන වැඩමුළු දෙකක් ද ඇතුළත් වේ.

IDAG ආයතනය, රාජ්‍යකරණය පිළිබඳ අධ්‍යාපනය පුළුල් කිරීම තුළින් අචාර ධාර්මික බැවින් පොහොසත් අනාගත නායකයින් පිරිසක් බිහිකිරීමත් එමගින් යහපත් දේශපාලන සංස්කෘතියක් ශ්‍රී ලංකාව තුළ ඇති කිරීමත් අරමුණු කොට කටයුතු කරනු ලබයි. IDAG ආයතනයේ අනුග්‍රහය යටතේ මෙම පාඨමාලාව ක්‍රියාත්මක කිරීම සහ මෙහෙයවීම Institute of Politics (IOP) ආයතනය විසින් සිදුකරනු ලබන අතර ඒ පිළිබඳව IDAG සහ IOP ආයතන අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම පසුගිය සැප්තැම්බර් මස 30 වන දින කොළඹ 07, ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ දී සිදුකරන ලදී.

මෙම පාඨමාලාව සඳහා නොමිලේ සම්බන්ධවීමට ඒ පිළිබඳව උනන්දුවක් දක්වන්නන්ට තවමත් අවස්ථාව පවතින අතර ඒ සඳහා නොවැම්බර් මස පළමු සතියට අවසාන වීමට ප්‍රථම ලියාපදිංචිවීමට කටයුතු කලයුතු බව IDAG කළමණාකාරීත්වය සඳහන් කර සිටී. ඒ සඳහා පහත සබැඳිය (LINK) ඔස්සේ ඇති ගූගල් ෆෝරමය පුරවා ලියාපදිංචිය ලබාගත යුතුව ඇත.

මෙම පාඨමාලාවේ පාඨමාලා ප්‍රදානෝත්සවය 2025 මැයි මාසයේ දී පැවැත්වීමට IDAG සහ IOP කළමනාකාරීත්වය බලාපොරොත්තුවේ.

පාඨමාලාව සඳහා ලියාපදිංචිවීමට පහත ෆෝරමය Click කරන්න. 

https://docs.google.com/forms/d/e/1FAIpQLSf4nLOgf_5Q4E1hxYN4a55nI9IzWO1Inpm2RaCbBcjMnrWTYA/viewform?usp=pp_url

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan