චැනල් 4 චෝදනාව බොරුවක් – ගම්මන්පිල අදත් වාර්තාවක් ප්‍රසිද්ධ කරමින් කියයි

Date:

කොළඹ LNW:පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව විසින් සිදු කරන ලද හෙළිදරව්ව පිළිබදව විමර්ශනය කිරීම සදහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි.ඉමාම් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවේ වාර්තාවේ අඩංගු තොරතුරු අද මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් ප්‍රසිද්ධ කළේය.

එම වාර්තාවේ කරුණු අනුව හිටපු හමුදා බුද්ධි ප්‍රධානී සුරේෂ් සලෙයි ප්‍රහාරය සිදුවන දින ශ්‍රී ලංකාවේ සිට නැති අතර ඔහු සිට ඇත්තේ මැලේසියාවේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ බව ගම්මන්පිල මහතා කියාසිටියේය.

ඒ අනුව චැනල් ෆෝ නාලිකාවේ ප්‍රධානම චෝදනාව වූ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ ප්‍රධාන බෝම්බකරු වූ සහරාන් හෂීම් සහ හිටපු හමුදා බුද්ධි ප්‍රධානී සුරේශ් සලෙයි අතර සම්බන්ධයක් තිබුණු බවට වන කාරණය නිවැරදි නොවන බව හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම චැනල් ෆෝ නාලිකාව විසින් කරන ලද වාර්තා වැඩසටහන හමුවේ පෙනී සිටින අසාද් මවුලානා නමැති පුද්ගලයා අනාවරණය කළේ පාස්කු ප්‍රහාරය සුරේශ් සලෙයිගේ අනුදැනුමද ඇතිව සහරාන් විසින් එල්ල කරන ලද්දක් බවයි.තවද අසාද් මවුලානා සිද්ධ කරන තවත් ප්‍රධාන හෙළිදරව්වක් වන්නේ සහරාන් හෂීම් ඇතුලු ත්‍රස්ත කණ්ඩායම සහ සුරේශ් සලෙයි අතර හමුවක් 2018 පෙබරවාරි මාසයේ දී පුත්තලම, වනාතවිල්ලුවේ පිහිටි පොල් ඉඩමක නිවසක දී සිදුව තිබෙන බවයි.

ගම්මන්පිල මහතා විසින් ප්‍රසිද්ධ කරන ලද එස්.අයි. ඉමාම් කමිටුව දක්වා ඇත්තේ 2018 පෙබරවාරි මාසය වන විට සුරේශ් සලෙයි ලංකාවේ සිට නැති බවයි. ඒ වන විට ඔහු රැඳී සිට ඇත්තේ මැලේසියාවේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේය.

තවද බුද්ධි අංශ විසින් ලබා දී ඇති තවත් තොරතුරක් හෙළිකරමින් ගම්මන්පිල මහතා පැවසුවේ 2018 පෙබරවාරි මාසයට අයත් දිනවලින් එකම දිනයකදීවත් සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම නැගෙනහිර පළාතෙන් පිටතට ගොස් නැති හෙයින් පුත්තලමේ වනාතවිල්ලුවේ දී සහරාන් ඇතුළු කණ්ඩායම සහ සුරේශ් සලෙයි අතර හමුවක් 2018 පෙබරවාරි මාසයේ පුත්තලම වනාතවිල්ලුවේ දී සිදු වීමට ඉඩක් නැති බවයි.

කෙසේවෙතත් පාස්කු ප්‍රහාරය සම්බන්ධව වත්මන් ආණ්ඩුවද විමර්ශනයක් ආරම්භ කර තිබෙන පසුබිමක ගම්මන්පිල හිටපු මන්ත්‍රීවරයා උත්සහ කරන්නේ එම විමර්ශනවලට බාධා කිරීමක් බවත් ඔහුගේ උත්සාහය මේ මොහොතේ දේශපාලන වාසි ලබා ගැනීම බවත් ප්‍රධාන වශයෙන් කතෝලික සභාව අවධාරණය කර තිබේ.

වත්මන් ආණ්ඩුවේ විමර්ශනය සම්බන්ධයෙන් විශ්වාසය තබා අතර පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුකිරීම ගැන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දී ඇති සහතිකය ගැනද විශ්වාසය තබන බවයි කතෝලික සභාව තවදුරටත් අවධාරණය කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුර හෑගොඩයන් විසින් රචිත “හිමකැටි ආදරය” සමඟ ගෙවූ රසවත්...

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...