නරේන්ද්‍ර මොදී ඉන්දියාවේ පළමු පුද්ගලික හමුදා ගුවන් යානා කම්හල ආරම්භ කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ස්පාඤ්ඤයේ අගමැති පෙඩ්රෝ සන්චස් සමග එක්ව ඉන්දියාවේ ප්‍රථම පුද්ගලික මිලිටරි ගුවන් යානා කම්හල වඩෝදරාහිදී විවෘත කර තිබේ.

වසර 18කට පසු ස්පාඤ්ඤ අගමැතිවරයකු ඉන්දියාවට පැමිණි පළමු අවස්ථාව මෙයවන අතර මෙමඟින් ආරක්ෂක සහ අභ්‍යවකාශ කර්මාන්තවල දේශීය නිෂ්පාදන වර්ධනය කිරීම අපේක්ෂා කෙරේ.

වඩෝදරාව අගමැති මෝඩිගේ උපන් ප්‍රාන්තය වන අතර එහි Tata Advanced Systems සහ Airbus අතර සහයෝගීතාවයෙන් ගුවන් යානා කම්හල විවෘත කර තිබේ.

ඒ අනුව වඩෝදරා හි පිහිටි ඉන්දියානු බලාගාරය 2026 දී ඉන්දියාවේ නිෂ්පාදිත පළමු C-295 ගුවන් යානය සම්පූර්ණ කරනු ඇති අතර එමඟින් සෙබළුන් 71ක් හෝ පැරෂුට් භටයන් 50ක් දක්වා ප්‍රවාහනය කළ හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ,

සමාරම්භක දිනය අමතමින් මොදී සඳහන් කර තිබුණේ, මෙය ඉන්දියාවට සුවිශේෂී දිනයක් වන බවත්, මෙම කර්මාන්ත ශාලාව ඉන්දියා-ස්පාඤ්ඤ සබඳතා ශක්තිමත් කරනවා පමණක් නොව, ඉන්දියාවේ ආරක්ෂක සහ අභ්‍යවකාශ කර්මාන්තයේ නව පරිච්ඡේදයක් මෙමඟින් ආරම්භ වනු ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වනජීවී නිළධාරීන්ගෙන් ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : යාල ජාතික...

චීනය දේශීය ජෙට්යානා ගුවන් සේවය පුළුල් කරමින් පළමු කාන්තා C919 කපිතාන්වරිය පත් කරයි!

සටහන – පුලී ජනවාරි 02, කොළඹ (LNW):  චීනයේ ගුවැන්ෂු සිවිල්...

වසර 66කට පසු වැසෙන iconic NASA research center ..

රෂිකා හෙන්නායක ජනවාරි 02 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඩොනල්ඩ් ට්‍රම්ප්...

CEB 11 % ඉක්මවූ ගාස්තු වැඩිකිරීමක් ඉල්ලයි!

කොළඹ LNW:ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් විදුලි...