වතු කම්කරු විරෝධයකට විසදුම් දෙන්න හිටපු ඇමති මනුෂ මැදිහත්වෙයි

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ (LNW):

නාකියාදෙණිය වතුයායේ කටුපොල් වගාවේ සේවයේ නිරත වතු සේවකයින්ට වැටුප් වැඩි නොකිරීම නිසා දින 18 ක් තිස්සේ ක්‍රියාත්මක විරෝධතාවක් විසදීම සදහා කම්කරු සහ විදේශ රැකියා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මැදිහත් වූ බව සඳහන් වේ.

දිනකට කටුපොල් කිලෝ 200 ක අස්වැනක් නෙළූ විට රුපියල් 1000 ක වැටුපක් ගෙවූ අතර, මනුෂ නානායක්කාර මහතා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවස්ථාවේදී එම මූලික වැටුප 1350 දක්වාත්, ඵලදායිතාව මත 1750 දක්වාත් වැටුප් ඉහළ දැමීමට කටයුතු කරනු ලැබූ බව වාර්තා වේ .

එහෙත් මෙම මූලික වැටුප ඉහළ දැමීම සදහා වතු පාලකයින් කටයුතු නොකිරීමට එරෙහිව වතු සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබුණි. මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන අතරවාරයේදී නාකියාදෙනිය වතුයායට ගිය මනුෂ නානායක්කාර මහතා මෙම ගැටලුව විසදීමට මැදිහත් වූ බව පැවසේ.

කම්කරු කොමසාරිස් ජනරාල්වරයා සමග දුරකතනයෙක් සාකච්චා කරමින් මෙම ගැටලුවට කඩිනම් විසදුමක් ලබාදීම සදහා ඔහු මැදිහත් විය.

ඒ අනුව කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හරහා මේ සදහා කඩිනම් විසදුමක් ලබාදීමටද මෙහිදී අවධානයට ලක්ව ඇත.

තමන් ලංකා කම්කරු කොංග්‍රසය හරහා දේශපාලනයට පිවිසි බව සිහිපත් කළ මනුෂ නනායක්කාර මහතා තමන් සෑම විටම වතු කම්කරු ගැටළුවලදී ප්‍රගතිශීලී විසදුම් ලබාදෙන බවටද සහතික වූ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වටගලගෙන් බිලියන 10ක වන්දි වශයෙන් ඉල්ලා එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW : නීතඥ සුනිල් වටගල...

රාජකීයත්වයේ උරුමය සමඟින් III වන චාල්ස් රජු සිය 77 වන ජන්ම දිනය සමරයි!

සටහන – පුලී නොවැම්බර් 14, කොළඹ (LNW): අද (නොවැම්බර් 14)...

24 වැනිදා සිට කාඩ් එකෙන් බස් ගාස්තු ගෙවන්නත් අවස්ථාව!

කොළඹ LNW:ඩිජිටල්කරණ ව්‍යපෘතියට සමගාමීව ළැඹෙන 24 වැනිදා සිට ඕනෑම...

2026 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 118කින් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 අයවැය දෙවන වර කියවීම වැඩි...