2025 දී ලොව ප්‍රබලතම කුණාටුව ‘මෙලිසා’ අද ජැමෙයිකාවට ඇතුළු වේ

සටහන: සශිකලා මධුෂාණි

ඔක්තෝබර් 28: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පැයට සැතපුම් 175 (පැයට කිලෝමීටර 282) දක්වා සුළං වේගයක් සහිතව පස්වන කාණ්ඩයේ ප්‍රබල සුළි කුණාටුවක් ලෙස ‘මෙලිසා’ සුළි කුනාටුව අද(28) කැරිබියන් දූපතට ගොඩබිමට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඇමරිකා එක්සත් ජනපදය පදනම් කරගත් ජාතික හරිකේන් මධ්‍යස්ථානයේ (NHC) නවතම දත්ත වලට අනුව, උපරිම සුළඟ සහ අඩු මධ්‍යම පීඩනය අනුව මෙලිසා මේ වසරේ මේ දක්වා ලෝකයේ ප්‍රබලතම කුණාටුව වශයෙන් හඳුනාගෙන තිබේ.

මේවන විටත් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් හයිටියේ සහ ඩොමිනිකන් ජනරජයේ පුද්ගලයින් හතර දෙනෙකුගේ මරණයට පත්ව ඇති අතර එක්සත් ජනපද කාලගුණ විද්‍යාඥයින් මෙම සුළි කුනාටුව හඳුනවා තිබුණේ, “ව්‍යසනකාරී සහ ජීවිත තර්ජන සහිතව සුළං,මාරාන්තික ගංවතුර සහ නායයෑම් අවදානම වැඩි කරන’ භයානක සුළි කුණාටුවක් වන බවයි.

ජැමෙයිකානු රජය මේවන විට කිංග්ස්ටන්, හැග්ලි ගැප් ආදී ප්‍රදේශ වල ඉවත් කිරීම් කටයුතු ආරම්භ කර ඇති අතර ජැමෙයිකාවේ අගමැති ඇන්ඩෲ හොල්නස් Xහි සඳහනක් එක් කරමින් ප්‍රකාශ කර තිබුණේ, සෑම ජැමෙයිකානුවෙකුම සූදානම් වන ලෙසත්, කුණාටුව අතරතුර ගෘහස්ථව රැඳී සිටින ලෙසත්, ඉවත් කිරීමේ නියෝගවලට අනුකූල වන ලෙසත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

ඉහළ යන තෙල් මිල හමුවේ ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාව පුනර්ජනනීය...