මත්පැන් නිෂ්පාදන මත බදු අයකිරීමේ කාලය සංශෝධනය කරමින් ජනපතිගෙන් ගැසට්ටුවක් !

සටහන – රුවන් නෙළුගොල්ල

මත්පැන් නිෂ්පාදනය මත බදු ගෙවීමේ කාලසීමාව සහ ගාස්තු අයකිරීම සඳහා අදාළවන රීතී සංශෝධනය කරමින් මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

සෑම බලපත්‍රලාභියෙකුම සුරාබදු ආඥා පනතේ 22 වන වගන්තිය යටතේ නියමිත දිනට හෝ එම දිනට පෙර බදු ගෙවිය යුතු බව එම ගැසට්ටුවේ සඳහන්.

එසේම නියමිත දින සිට දින 30ක් ඇතුළත ගෙවිය යුතු බද්ද හෝ ගාස්තුව සම්පූර්ණයෙන් ගෙවීමට අපහොසත් වන බලපත්‍රලාභීයෙකුගේ මත්පැන් බෝතල් කිරීමේ බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කරන බවත් එම ගැසට්ටුවෙන් දැක්වේ. මෙය මීට පෙර නොතිබූ නීතියකි.

එමෙන්ම නියමිත දින සිට දින 90ක් ඉක්මවන කාලයක් සඳහා ගෙවිය යුතු බද්ද හා ගාස්තුව සම්පූර්ණයෙන් නොගෙවා ඇතිවිට එම බලපත්‍රලාභියාගේ සියලු බලපත්‍ර අත්හිටුවීමට කටයුතු කරන බවත් එහි සඳහන් කර ඇත. මීට පෙර බලපත්‍ර අත්හිටුවීමේ කාලය මාස 6ක් විය.

මෙම සංශෝධන සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ විවාදයක් ද පැවති අතර එහිදී ප්‍රකාශයට පත් කෙරුණු මෙම කොන්දේසි වලට සිය දැඩි විරෝධය පළකරන බව කුඩා හා මධ්‍ය පරිමාණ මත්පැන් නිෂ්පාදකයින්ගේ සංගමය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි. ඔවුන් පෙන්වා දී තිබුණේ මෙම කොන්දේසි අනුව කුඩා හා මධ්‍ය පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම් වැසී ගොස් මහා පරිමාණ ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකුගේ ඒකාධිකාරියක් බිහිවනු ඇති බවකි.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලුණු විලක සිට කාන්තාර මාර්ගයක් දක්වා: ලොව මවිත කරන අද්භූත නිර්මාණ නවයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ): ආර්ජන්ටිනාවේ ගිටාරයක හැඩයෙන් යුත් වනාන්තරයක...

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...