ජනාධිපති ට්‍රම්ප් 2028 ඇමරිකානු මැතිවරණයේදී උප ජනාධිපති ධුරයට තරඟ කරයිද ?

Date:

සටහන: සශිකලා මධුෂාණි

ඔක්තෝබර් 28: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : 2028 ඇමරිකානු මැතිවරණයේදී උප ජනාධිපති ධුරයට තරඟ කිරීම ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනයට අනුව කිසිවෙකු තුන්වන වරටත් එක්සත් ජනපද ජනාධිපති ධුරයට තේරී පත් විය නොහැකි හෙයින් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් විසින් මෙම තහනම මඟ හැරීමට නව යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

එනම්, ට්‍රම්ප් උප ජනාධිපති ලෙස ඉදිරිපත් කර ජනාධිපති ධුරය සඳහා මිත්‍රයකු ඉදිරිපත් කර අවසානයේ ජයග්‍රහණයෙන් පසු ඔහුගේ ඉල්ලා අස්වීම මත ට්‍රම්ප් ජනාධිපති ධුරය සඳහා සිය පත්වීම උසස්කිරිම හරහා තුන්වන වාරයක් සේවය කිරීමට ඉඩ සලසා දීමයි.

කෙසේ නමුත්, ජනාධිපති ට්‍රම්ප් මේ සම්බන්ධයෙන් ඊයේ(27)දිනයේදී මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට ජපානයේ ටෝකියෝ වෙත ගමන් කරමින් සිටියදී එයාර් ෆෝස් වන් යානයේ වාර්තාකරුවන් සමඟ කළ හුවමාරුවකදී කියා තිබුණේ, තමා තුන්වන වාරයක් වෙනුවෙන් බලයට පත්වීමට තමන් කැමති නමුත්, ඒ වෙනුවෙන් උප ජනාධිපති තනතුර භාවිතා කිරීමට අකැමති බවත්ය.

ජනාධිපති ට්‍රම්ප් තුන්වන වාරක් සඳහා බලයට පත්වීම සමබන්ධයෙන් මේ වන විට එක්සත් ජනපදයේ කතාබහක් ඇතිව ඇති අතර මේ සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප්ගේ හිටපු උපායමාර්ගික උපදේශක ස්ටීව් බැනන් ප්‍රකාශ කර තිබුණේ, 79 හැවිරිදි ජනාධිපතිවරයාට තවත් වාරයක් ලබා ගැනීම සඳහා “සැලැස්මක්” ක්‍රියාත්මක වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...

ADB වෙතින් මහවැලියට ඩො.මි. 200ක ණය පහසුකමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 ,කොළඹ LNW : මහවැලි ගඟේ අතිරික්ත...