කාලිංග මාඝ පරපුරේ රාජපක්ෂවරු මේ රට විනාශ කළා – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

සෞභාග්‍යයේ දැක්ම පෙරටු කර ගෙන රටට සෞභාග්‍ය ගෙන ඒමට 2019 දී පංපෝරි ගසමින් රාජපක්ෂවරු පැමිණියත් අවසානයේ සව් බාගයක්වත් නැතිවෙන තරමට රට බංකොළොත් කළ බවත් උඩරට කැරැල්ලේ දී සුදු ජාතිකයන් මෙන් ම කාලිංග මාඝ සිදු කළ ආක්‍රමණවලින් පවා රටේ අටුකොටු ඇතුළු සියලු වගාවන් විනාශ කළා සේ මොවුන් ද රටේ කෘෂිකර්මාන්තය පසුගිය කාලයේ නැත්තටම නැති කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එබැවින් රාජපක්ෂලා අයත් වන්නේ කාලිංග මාඝ පරපුරට බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

2015 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් වූ පසු ඔහු සහ රට අතහැර පළා ගිය බැසිල් රාජපක්ෂ මහතා නැවතත් විශ්මයජනක පරිවර්ථනාත්මක වෙනසක් වෙනුවෙන් පැමිණෙන බවට පොහොට්ටුවේ මහලේකම්වරයා සදහන් කළත් ඔහු මේ රට බංකොළොත් කිරීමේ සාපරාදී වරදේ ප්‍රධාන චූදිතයා බවත් ඔහු අන්ත දුෂිත පුද්ගලයකු බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

ප්‍රෞඩ ශිෂ්ඨාචාරයක්, ප්‍රෞඩ සංස්කෘතියක් තිබූ අපේ රට වර්තමානයේ ලෝකයේ හිගා කන තත්ත්වයට පත් කරන ලද්දේ රාජපක්ෂවරු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ පොහොට්ටුවේ මහලේකම් එනවා කියන ඒ පුද්ගලයා රට විනාශ කළ කාලිංඝ මාඝ රාජපක්ෂ පරපුරේ සාමාජිකයකු බැවින් ජනතාව ඔහුට නිවැරදි උත්තරය ලබා දෙනු ඇති බවට තමා විශ්වාස කරන බවය.

වත්මන් රජය ඩොලර් අවශ්‍ය බව පැවසුවත් ඩොලර් උපයන සංචාර කර්මාන්තය, තොරතුරු තාක්ෂණය, ඇගලුම් ආදී අපනයන ක්ෂේත්‍ර සදහා විශාල ලෙස බදු පනවා ඇති බවත් ඔවුන්ගේ මේ ක්‍රියාවන් කිසිදු ආකාරයක විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය අනුමත නොකරන බවත් සිදුවිය යුත්තේ රටට ඩොලර් ගෙන එන ක්ෂේත්‍ර ශක්තිමත් කිරිම බවත් විපක්ෂ නායකවරයා සදහන් කර සිටියේය.

විපක්ෂ නායකතුමා මේ බව පවසා සිටියේ ඊයේ (27) පැවති වැල්ලවාය ආසනයේ කතරගම බල මණ්ඩල රැස්වීමක් අමතමිනි.

මේ රටට ගොඩ යා හැක්කේ යහපත් වැඩපිළිවෙළක් තුළින් බවත්, නෑ, බෑ කියන වචනය දේශපාලන ශබ්ධකෝෂයෙන් ඉවත් කළ යුතු බවත් විපක්ෂයක් ලෙස එය ප්‍රායෝගිකව ඔප්පු කර ඇති බවත් පැවසූ විපක්ෂ නායවරයා , ආණ්ඩුබලයක් නොමැතිව වුවත් සමගි ජන බලවේගයට ජනතාව වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදු කළ හැකි බවත් පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව නිදහස සමරණ දිනය අදයි

සටහන: සශිකලා මධුෂාණිජුලි 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදයේ...

ආහාර පාලන ගැසට්ටු ප්‍රමාදයෙන් මහජන සනීපාරක්ෂාව අනතුරේ – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

▪️රෝහල් ආපනශාලා බෝ නොවන රෝග බෝ කරන මධ්‍යස්ථාන වෙලා.. දිවයින...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW: කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අද...

ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය!

කොළඹ LNW:ගෝලීය ප්‍රජාවේ දැඩි අවදානයට ලක් වූ ඇමෙරිකා ජනාධිපති...