තැපැල් කාර්යාල මගින් බිල්පත් ගෙවීමේදී අය කෙරෙන ගාස්තුවත් වැඩිකෙරේ

Date:

තැපැල් කාර්යාල මගින් විදුලි සහ ජල බිල්පත් ගෙවීමේදී අය කෙරෙන ගාස්තු ඉහළ නංවා තිබේ.

ඒ අනුව, ජල බිල්පත් තැපැල් කාර්යාල මගින් ගෙවීමේදී මීට පෙර අය කළ රුපියල් 5ක ගාස්තුව රුපියල් 20 දක්වා වැඩිකර තිබේ.

එසේම එම කාර්යාල හරහා විදුලි බිල්පත් ගෙවීමේදී ද රුපියල් 20ක් අයකිරීමට තීරණය කර ඇත. මීට පෙර විදුලි බිල්පත් සඳහා විදුලිබල මණ්ඩලය විසින් තැපැල් දෙපාර්තමේන්තුවට 2%ක මුදලක් ගෙවූ අතර එය 1% දක්වා පහත හෙළීම නිසා මෙසේ පාරිභෝගිකයාගෙන් රුපියල් 20ක් අය කිරීමට තීරණය කළ බවයි තැපැල් දෙපාර්තමේන්තුව පවසන්නේ.

තැපැල් දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් වියදම් ඉහළ යාම හේතුවෙන් මෙම තීරණයට එළඹී ඇති අතර මීට අදාළ චක්‍රලේඛය සියලුම තැපැල් ස්ථානාධිපතිවරුන්ට යොමු කළ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවට එරෙහි ඇමරිකානු තීරුබදු සියයට 50 සිට සියයට 18 දක්වා අඩු කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...

අද නාමල් CIDයට. ශිරන්ති FCIDයට

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 03) දිනයේදී උතුරු, උතුරු-මැද,...

මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරයටත් වංගු ගහන සූදානමක් – ජාතික ඉදිකිරීම් සංගමය ජනපතිට ලියයි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...