*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

සකළ දේශවාසී නිර්ධනයිනි විසිරයවු …. ?

කාල් මාක්ස් විසින් “සකළ දේශවාසී නිර්ධනයිනි එක්වව්” යනුවෙන් ආමන්ත්‍රණය කර තිබුනද වමේ ව්‍යාපාරවල ඉතිහාසය දෙස විමර්ශන ශීලීව බැලූවිට අපට පෙනී යන්නේ වමට ඇත්තේ දිගින් දිගටම කැඩී වෙන්වී එකිනෙකා ගහමරාගන්නා ඉතිහාසයක් විනා නැවත එක්වු ඉතිහාසයක් නම් නොවේ.

මම මේ මාතෘකාව ගන්නේ මේ මොහොතේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ජා.ජ.බ. අතර නැවතත් කරළියට ඇවිත් ඇති එකිනෙකාට මඩ ගසාගැනීමේ ව්‍යාපෘතිය විශ්ලේෂණය කිරීම සඳහාය.

විශේෂයෙන්ම ස්ටාලින්වාදී වම තුල තිබෙන විශේෂ ලක්ෂනයක් නම් වසර ගනනාවක් තිස්සෙ එකට දේශපාලනය කරපු පක්ෂයක් තුල වුවද දෙකට බෙදුනු මොහොතේ සිට පරම සතුරු කඳවුරු දෙකක් නිර්මාණය වීමයි.

මෙහිදී මෙසේ වීමට හේතුව මේ කන්ඩායම් දෙකම සමාජවාදය නිර්මාණය කරන එකම බලවේගය තමන් ලෙස තමතමන්ගේ පිල් සම්බන්දව ස්වයං මෝහනයකට සමවැදී සිටීමය. තමන්ගෙන් වෙන්වුන අනික් පිල ධනපති පන්තියේ පිල්ලියක් ලෙස අර්තකතනය කරගන්නා මොවුන් සියල්ලට පෙර කන්ඩනය වූ වාම අනෙකා විනාශකර දැමීමේ අස්තානයකට ගමන්කරයි.

පරමාදර්ශී උත්තර රාජ්‍යයක් නිර්මාණය කිරීමේ ඓතිහාසික ක්‍රියාන්විතය පැවරී ඇත්තේ තමන්ට යැයි සිතමින් ඒ වෙනුවෙන් අනෙකුන් විනාශකර දැමීමේ ශුද්දවූ අයිතිය තමන්ට පැවරී ඇතැයි ඔවුන් විශ්වාස කරයි. ඇත්ත වශයෙන්ම මේ ව්‍යාපාර මතුපිටින් මාක්ස්වාදී වර්ණ තවාරා ගෙන තිබුනද අභ්‍යන්තරයෙන් සම්පූර්ණයෙන්ම ෆැසිස්ට්‍ ය. මාක්ස්වාදී න්‍යායෙන් කඩා වෙන්කර ඒකාධිපති බාවිතාවක් උත්කෘෂ්ඨයකට නංවමින් න්‍යාය ටොන් එකකට වඩා භාවිතාව අවුන්සය අගනේයැයි කියන මොවුන් සතුව ඇත්තේ පොල්පොට් උරුමය මිස මාක්ස් ඒංගල්ස් උරුමය නම් නොවේ.

මෙතනදි මොවුන් මේ අත්තනෝමතික ඒකාධිපතිත්වයට සමවදින්නේ මාක්ස් පැවසූ කම්කරු පන්ති ආඥාදායකත්වය යන වැකියට මුවාවෙමිනි.

කම්කරු පන්ති ආඥාදායකත්වය නමින් ලොව බලය පිහිටවූ සෑම තැනකම ඒ බලය පිහිටුවූයේ කම්කරු පන්තිය නම් නොව ලුම්පිත අශිෂ්ඨ සමාජ කොට්ටාශයක් විසිනි.

මේ කම්කරු පන්ති ආඥාදායකත්වය කියන බැටළු හම ඕනෑම වෘකයෙකුට පොරොවාගෙන පැමිණිය හැකි බව මාක්ස් මේ මතය ගෙනෙන මොහොතේම බකුනින් විසින් පෙන්වාදී තිබින. ඒත් ඒ ඉතිහාස තර්ක විතර්කවල හරිවැරදි නිරීක්ෂණය කිරීමට ඔවුන් දෙදෙනාම අද වර්තමාන සජීවී දර්ශන පතයේ නැත.

ඒ කෙසේ වෙතත් මාක්ස් වාදයේ බොහෝ ලේඛණ සකස්වී ඇත්තේ මාක්ස් විසින් ප්‍රතිවාදියා සමඟ කරන මතවාදී ගනුදෙනු තුලිනි. නැත හොත් ප්‍රතිවාදී අනෙකාට දෙන න්‍යායික පිළිතුරු තුලිනි. මෙහිදී උදාහරනයක් ලෙස “ඩූරිං විරෝධය” නැමති ලේඛණය ගතහැක.

නමුත් මේ ස්ටාලින්වාදී ව්‍යාපාර තුල එවැනි මතවාදී අරගල නැත.
ඒ වෙනුවට ඇත්තේ ගෝත්‍ර කුළල්කාගැනීම් සහ මඩ ගසාගැනීම් ය.
හේතුව ගැඹුරු මතවාදී අරගල කිරීමට ඔවුන් සතුව ගැඹුරු මතවාදයක් නැතිකමයි.

රුසියාවේ ස්ටාලින්වාදී අපගමනය තුල විකෘතිවී ගිය ස්ටාලින්වාදී ආගමික කෑලි බෑලී මේවන විට රුසියාවේද නැත. ඒවා දැන් ඇත්තේ ලංකාව වැනි කිසිවිටෙකත් දාර්ශනික වශයෙන් යාවත්කාලීන නොවූ උපන්ගෙයි දේශපාලන ආර්ථික ජරාජීර්නත්වය උරුමවු ආචීර්නකල්පිකත්වය ඝනීබූතවු පසුගාමී දුපත්වල පමණි.
මේ සංවිධාන ගෝලීයකරණ ව්‍යාපෘතියටද පුදුමාකාර බියක් දක්වයි. හේතුව ගෝලීයකරණය තුල ලංකාව වැනි දූපත් යම් දුරකට දියුණු ලෝකයට අනුගතව මතවාදීව සිවිලයිස් වනවිට මේ ව්‍යාපාර ක්‍රමයෙන් වාෂ්ප වන නිසාය.

ලංකාවේ ආගමික ඇදහිලි හා වාම ඇදහිලි හා අතර ලොකු දුරක් නැත. ඔවුන්ගේ පක්ෂය නිර්මාණය කල සාස්තෘවරයා මුනිවරයෙකු සේ ඇදහීම ආගමිකය.

එසේම විශාල කැපකිරීම් කර අවසානයේ එහි කෙලවර ඇති විමුක්තිය පිළිඹඳ ඔවුන්ගේ විස්වාසය බුදුදහමේ එන ඇස් ඉස් මස් ලේ දන්දීමේ පළයක් ලෙස ලැබෙන මෝක්ෂයට සමානවේ. මෙයට හේතුව ලෝකේ කොහේන් හෝ ලංකාවට පැමිණෙන ග්‍රාම්‍ය දෘෂඨිවාද තවතවත් ග්‍රාම්‍යවී අවසානයේ ඒවා ඇදහිලි කල්ට් බවටම පත්වී ඒවා ලාංකීය බූමියේ මිදීමට ඉඩඇති පසුගාමී විබවයයි.

මේ ස්ටාලින්වාදී ව්‍යාපාරවලට අනුව ඔවුන්ගේ වාම ව්‍යාපාරයන්ගෙන් පිටත පවතින දක්ෂිණාංශික හෝ වේවා මොනයම් හෝවේවා දේශපාලන පක්ෂයක් සමඟ සහයෝගිතා දේශපාලනයකට ගියේ නම් එය වමේ චරිත පාරිශුද්ධිය අපවිත්‍රවීමක් ලෙස සැලකේ. එහි යටි අරුත නම් ඔවුන් විශ්වාස කරන ආකාරයට ඔවුන්ගේ වාම ව්‍යාපාර පරම පිවිතුරු ව්‍යාපාර වන නිසාය.

වම්මුන්ට අනුව සබාග දේශපාලනයට පිවිසීම යනු වම්මුන්ට මරණීය හානි ගෙනදෙන බාවිතාවකි.
නමුත් මෙහි ඇත්ත තත්වය නම් වම්මුන් සමඟ සබාග ගතවෙන අනෙක් පාර්ශ්ව විනාශ මුඛයට ඇදවැටීමයි.

පරණ වාමාංශිකයන් සමඟ සිරිමාවෝ සබාගගතවීම තුල සිදුවූයේ ලෝකයේ අසමත්වූ දේශීය ආර්ථික මොඩලයක් ක්‍රියාවට නැගීමට ගොස් රට නට්ටංවී සිරිමාවෝගේ දේශපාලනය හැත්තෑ හතේදී නැත්තටම නැතිවී යාමය.

ඊළඟට ජ.වි.පෙ.සමඟ හවුල් දේශපාලනයට පිවිසි මහින්දව ජ.වි.ප.ය විසින් යුද්දයට ඇදදැම්මේය. ජනඝාතක යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් ඉක්බිති ජයග්‍රහණයෙන් අමන්දානන්දයට පත්වූ දකුණේ ජාතිවාදී ජනමතය මහින්දට දරාගත නොහැකි ජයග්‍රහණයක් ලබා දුන්නාය. එහිදී අදහාගත නොහැකි මහා ජයග්‍රහණයෙන් උමතුවූ මහින්ද කිසිදු දෙගිඩියාවක් නොමැතිව රාජ්‍ය දේපොල කොල්ලකෑමට එය මාවතක් කරගත්තේය. අවසානයේ රටයි මහින්දයි දෙකම නැත්තටම නැතිවිය.

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan