බලයේ උන්මාදය හා පුටින්ගේ අනතුරු ඇඟවීම

ඊයේ(27) දිනයේදී මොස්කව් හි පැවති දේශනයකදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රකාශ කර තිබුණේ දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු ලෝකය වඩාත් භයානක සංදර්ශනයක් නරඹමින් සිටින බවයි.

මෙහිදී පුටින් රුසියාවට එරෙහිව බටහිර රටවල් න්‍යෂ්ටික න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් මෙන්ම, නේටෝ මිලිටරි සන්ධානය යුක්රේනයේ විකිරණශීලී බෝම්බයක් අත්හදා බැලීමට සූදානම් බවට චෝදනා කරන්නට විය. මේ සම්බන්ධයෙන් නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් පැවසුවේ සන්ධාන සාමාජිකයින් මෙමම චෝදනාව ප්‍රතික්ෂප කරන බවයි.

රුසියා ජනාධිපතිවරයා මෙහිදී දිගින් දිගටම රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම යුක්ති සහගත බව තහවුරු කළ අතර ජාත්‍යන්තරව සිය රට හුදකලා කිරීම පිළිබඳව සිය කනස්සල්ල ප්‍රකාශ කරමින් ඒ වෙනුවෙන් එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවලට චෝදනා කර තිබිණි.

ඔහු ‌මෙහිදී වැඩිදුරටත් සඳහන් කලේ අප ඓතිහාසික මායිමක සිටින බවත්, ඉදිරිය බොහෝ දුරට භයානක, අනපේක්ෂිත සහ දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු වැදගත්ම දශකය ඇරඹෙනු ඇති බවත්ය.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විජේවීර ඝාතනය ආණ්ඩුවේ තීරණයක්…

ජනාධිපති ජේ.ආර්.ගේ මාධ්‍ය ලේකම් ලක්ෂ්මී පීරිස් හෙළිකරන රහස් ඇමරිකාවේ ඔරිගන්...

පාකිස්තානයේ අගනුවර වසා දැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: පාකිස්තානයේ අගනුවර වන...

හෝමුස් සමුද්‍ර සන්ධිය දින 7කින් විවෘත කිරීමට ඉරානයෙන් ඇමරිකාවට යෝජනාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: එක්සත් ජාතීන්ගේ මහා...

පොලොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් පිපිරීමකින් 7කට තුවාල. තිදෙනෙකුට බරපතළයි

පොලොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් සිදුවූ අනතුරකින්...