ළමා අපචාරවලට එරෙහිව උපරිම නීතිය ක්‍රියාත්මක කරන්න. විපක්ෂයේ අපි උපරිම සහාය ලබා දෙනවා – සජිත්

Date:

අද සමාජයේ ළමා හිංසනය, අතවර, අපචාර, තර්ජන ගර්ජන දැවැන්ත ඛේදවාචකයක් වී ඇති බවත් රජයේ බලධාරීන් පවා ළමා අපචාර ඉහළ ගොස් ඇති බවට සංඛ්‍යා ලේඛන පවා ඉදිරිපත් කළත් රජයේ වගකීම දත්ත ඉදිරිපත් කිරීම නොව ළමා අපචාර මැඩපැවැත්වීමට ක්‍රියාමාර්ග ගැනීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.*

රටේ නීති පද්ධතිය ශක්තිමත් නොවන බැවින් මෙවැනි අපචාරකරුවන්ට ලිහිල් දඩුවම් ලැබී අවසානයේ රජයේ බදු මුදලින් ඔවුන් සිරගෙයි නඩත්තු වන බවත් එබැවින් මෙකී ළමා අපචාර අප සමාජයෙන් මුලින් උපුටා දැමීම සඳහා ශක්තිමත් නීති පද්ධතියක් ගෙන විත් නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කරමින් ආරක්ෂක අංශ සවිබල ගැන්විය යුතු බවත් ඊට අමතරව පවතින නීති සංශෝධනය කරමින් දැඩි දඩුවම් ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

යුගයේ මානුෂීය මෙහෙයුම ලෙස ළමා අපචාර මැඩපැවැත්වීමට ආරක්ෂක අංශ යොදා ගත යුතු බවත් ඒ සඳහා විපක්ෂයක් ලෙස උපරිම සහයෝගය ලබා දෙන බැවින් දත්ත පමණක් ඉදිරිපත් නොකර කශේරුකාව ශක්තිමත් කර දැඩි නීති රීති ගෙන එන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (27) අවිසාවේල්ල ශාන්ත මරියා විද්‍යාලයට සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහනේ 40 වැනි අදියර යටතේ සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක් වෙමිනි.

වසරකට දෙපාරක් විදුලි බිල සංශෝධනය කරන බවට රජය පොරොන්දු වුවත් 3 වැනි වතාවටත් විදුලි බිල සංශෝධනය කර සියයට 500කට ආසන්න ප්‍රමාණයකින් වැඩි කර ඇති බවත් මේ නිසා බහුතරයක් ජනතාව අසරණ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පාලකයන්ට මිනිසුන් විඳින දුක නොතේරෙන බවත් විදුලි බිල වැඩි වීම නිසා ආහාර සහ අධ්‍යාපනය සදහා පවුලක් වෙන් කර ඇති මුදල් පවා අඩු වී ඇති බවත් රට කෙතරම් බංකොලොත් වුවත් ජන දුක සම්බන්ධයෙන් අවබෝධයක් පැවැතිය යුතු වුවත් එවැනි අවබෝධයක් රජයට නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ අවස්ථාවේ දහස් ගණනින් පාරට බැස උද්ඝෝෂණය කරන්නේ විදුලි බිලට විරුද්ධව බවත් මේ මහා ජන බලවේගය නිර්මාණය වී ඇත්තේ පීඩනයෙන් අසහනයෙන් දරිද්‍රතාවෙන් උහුලන්න බැරි බරක් තම කරපිට පටවා ඇති ජනතාව තුළින් බවත් එබැවින් අනීතිකව වැඩි කර ඇති විදුලි බිල හකුලා ගත යුතු බවත් බොරු දත්ත ඉදිරිපත් කරමින් සිදු කළ මේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් ජනාධිපති, ඇමති සහ මහජන උපයෝගීතා කොමිසම වගකිව යුතු බවත් මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවත් විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

එසේම මේ අපේ රටේ ලක්ෂ 41ක් වූ පාසල් දූ දරුවන් දේශපාලනඥයා ඉදිරියේ වැද නමස්කාර පූර්වකව දණ ගස්වන පිළිවෙතෙන් බැහැර විය යුතු බවත් දූදරුවන් ගරු බුහුමක් දැක්විය යුත්තේ දෙමාපියන්ට, ගුරුවරුන්ට, ආගමික නායකයන්ට සහ තමන්ට හිතවත් අසල්වාසී වැඩිහිටියන් බවත් ගතානුගතික ක්‍රමවේදය වහල් භාවයේ සංකේතයක් බැවින් එසේ දේශපාලනඥයන්ගේ වහලුන් කිරීම වැරදි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම සෑම පාසලකම අඩුපාඩු ඇති බවට වාර්තා වන බවත් එවැනි අඩුපාඩු ඇති නොවන ආකාරයට කටයුතු කිරීමට පාලකයන් කටයුතු කළ යුතු බවත් හොරකම දුෂණය වංචාව කප්පම්වලින් තොරව රටේ අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වෙන් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ රජයේ රෝහල් 56 කට රුපියල් 171,966,900 ක් වටිනා රෝහල් උපකරණ ලබා දී ඇති බවත් සක්වල බස් රථ වැඩසටහන යටතේ රජයේ පාසල් 80ක් සදහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දුන් අතර ඒ සදහා රු :389,200,000 ක් වැය විය. එසේම සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහන යටතේ රජයේ පාසල් 39ක් සදහා රුපියල් ලක්ෂ 363ක වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...