මහා භාණ්ඩාගාරයෙන් ඖෂධ සැපයීම සඳහා රුපියල් බිලියන 5.6ක් වෙන් කරයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 5.6ක මුදලක් ඖෂධ සැපයීම වෙනුවෙන් වූ අත්‍යවශ්‍ය ගෙවීම් පියවීම සඳහාවෙන් කළ බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පාලනය වන රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල ඇති ගැටලු හඳුනාගෙන ඒවාට කඩිනම් විසදුම් ලබා ගැනීමේ අරමුණින් නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ ඊයේ (27) පැවති විශේෂ සමුළුවට එක්වෙමිනි.

ඔහු එහිදී වැඩිදුරටත් පැවසුවේ, ඉදිරි මාස දෙක සඳහා ඖෂධ සැපයීම වෙනුවෙන් අමතර ප්‍රතිපාදන ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලය වෙත සංදේශයක් යොමු කිරීමටත් ඉන් අනතුරුව අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට කටයුතු කරන බවයි.

අමාත්‍යවරයා රතවදුරටත් සඳහන් කළේ, මීට අමතරව රජයේ රෝහල්වල සියලු හිඟ බිල්පත් පියවීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර සකස් කරන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රු. මි. 250ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : හදීසි ආපදා තත්ත්‍වයෙන්...

ජපානයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූකම්පනයක්: සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08 , (අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ රික්ටර්...

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...