හන්තාන පරිසරය රැක ගැනීමට බාධා කරන ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගැනීමේ ඒකමතික තීරණයක්

Date:

සටහන – නදීක දයා බණ්ඩාර

මහනුවර (LNW):
හන්තාන පරිසර ආරක්ෂිත කලාපයට හානි වන අයුරින් ඉඩම් අලෙවි කිරීමක් හෝ බදු දීමක් තව දුරටත් සිදුවන්නේ නම් එම ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගත යුතු බවට හන්තාන පාරිසරික කළමණාකරණ කමිටුවේදී ඒකමතිකව තීරණය විය.

අධි සංවේදී පරිසර කලාපයක් වන හන්තාන කදුවැටිය ආශ්‍රිතව සියලු ඉදිකිරිම් හා ප්‍රතිංස්කරණ සඳහා හන්තාන පාරිසරික කළමණාකරණ කමිටුවේ අනුමැතිය ලබා ගත යුතු නමුත් ඉඩම් කට්ටි රැසක් විවිධ පාර්ශවයන්ට ලබාදී ඇති බවට මෙම කමිටුවට පැමිණිලි ලැබී තිබේ.

හන්තාන පාරිසරික කළමණාකරණ කමිටුව මෙම තීරණයට එළැඹෙන ලද්දේ එහි සභාපති, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඉකුත්දා රැස්වූ කමිටු රැස්වීමේදී ය.

ඒ අනුව දැනුම්දීමේ නිවේදනය නිකුත් කොට සති දෙකක කාලයකදී අදාල ආයතනවලින් යහපත් ප්‍රතිචාරයක් නොලැබෙන්නේ නම් නීතිමය පියවර ගන්නා ලෙසත් නෛතිකමය පියවර සඳහා වැය වන වියදම් ද ඇතුල් වන අයුරින් නඩු පවරන ලෙස දිස්ත්‍රික් ලේකම්වරයා දැනුම් දුන්නේය.

නිල්ලඹ වාරියගල ප්‍රදේශයේ ඉඩම් එළිපෙහෙළි කිරීමක් සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අනුමැතිය හිමිවී ඇතැයි කමිටු රැස්වීම සඳහා ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇති අතර එලෙස ඉඩම් ලබා ගත් පිරිස් සැලකිය යුතු පරිසර හානියක් සිදු කොට ඇතැයි ද එම පැමිණිල්ලේ සඳහන් වේ. ඒ අයුරින් හන්තාන කලාපයේ සැලකිය යුතු වන විනාශයක් සිදු වන බවට පැමිණිලි කිහිපයක් එහිදී ඉදිරිපත් විය.

ඉඩම් බදුදීම, ඉඩම් බෙදාදීම ආදී පරිසරයට හානි කරන ක්‍රියා වහාම නවත්වන ලෙසට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට ලිඛිතව දැනුම් දෙන ලෙස ප්‍රකාශ කළ දිස්ත්‍රික් ලේකම්වරයා සති දෙකක කාලයක් තුළදී එම ආයතනයෙන් දක්වන ප්‍රතිචාර පිළිබදව විමසිලිමත් වන ලෙස දැනුම් දුන්නේය.

හන්තාන පරිසර සංවේදී කලාපයේ ඉඩම් කට්ටි රැසක් විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන්ට ලබාදී ඇතැයි කී ඒ මහතා මින් ඉදිරියට ඉඩම් බදු දීමේදී ලබා ගන්න පුද්ගලයන් හා ඉඩම් ලබා ගන්නා කාරණය පිළිබද සවිස්තරාත්මක වාර්තාකවක් ලබා ගන්නා බව ද වැඩිදුරටත් කීහ. හන්තාන ඉඩම් බෙදාදීම සීමා කිරීම සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී දැඩි අවදානයක් යොමු වී ඇතැයි දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා පෙන්වා දුන්නේය.

මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ ගීතාංජලී සෙනෙවිරත්න මහත්මිය, දොළුව ප්‍රාදේශීය ලේකම් වයි.ජී.වයි.පී.දයාරත්න මහත්මිය, මහනුවර සහකාර ප්‍රාදේශීය ලේකම් කෞෂල්‍යා ජයරත්න මහත්මිය සහ දෙල්තොට සහකාර ප්‍රාදේශීය ලේකම් ඩබ්.එම්.ඊ.කේ.බණ්ඩාරනායක මහත්මිය, හන්තාන සුරැකීමේ සංගමයේ ලේකම් අමිත් සේනනායක මහතා ද මෙම අවස්ථාවට එක්විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබලු‍න් සිව්දෙනා ලබන 26 තෙක් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW : පසුගියදා සැකපිට...

ඉදිරි වසර 05ක කාලය තුළදී මෙරට නිවාස අවශ්‍යතාව සපුරාලීමට සැලසුම්!

කොළඹ LNW:මෙරට නිවාස අවශ්‍යතාව ඉදිරි වසර 05ක කාලය තුළදී...

රටේ ක්‍රිකට් ගැන සැබෑ කියවීමක් වෙමින් කාන්තා ක්‍රිකට් සූරතාව නාවික හමුදාව දිනා ගනියි

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: පළමු පෙළ කාන්තා සීමීත පන්දුවාර...