*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

සහල් මිලේ කෝ පාලනයක් ? ජනතාවට දරාගන්න බෑ

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): හාල් මිල පාලනය කරගන්න බැරි වුණොත් , හාල් ආනයනය කිරීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි.

මිල පාලනයක් පනවා තිබියදී මෙලෙස සහල් මිල ඉහළ දැමීමට කටයුතු කිරීම සම්භන්ධව දිගින් දිගටම වැටලීම් සිදුකරනා බවද ඔහු කියා සිටියේය.

අපි සහල් සඳහා ලබාදුන්න පාලන මිල ඉක්මවා කටයුතු කරන්න සහල් නිෂ්පාදකයෝ සහ සහල් වෙළෙන්ඳෝ කටයුතු කරනවා. මේක රටේ ජනතාවට දරා ගන්න බෑ. මම දිස්ත්‍රික්කවලට ගිහින් ඉදිරියේ දී නායකත්වය දීලා මමත් අධ්‍යක්ෂවරුත් අනිවාර්යයෙන් වැටලීම් කරනවා. ඒවා තුළින් හාල් මිල පාලනය කරගන්න බැරි වුණොත් , අපිට හාල් ආනයනය කරන්න අපිට කටයුතු කරන්න සිද්ධවෙනවා කියලා මම නිලධාරීන්ට දැනුම්දුන්නා.”

මේ අතර සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පොළොන්නරුවේ පැවති උත්සවයකට එක්වෙමින් සහල් මිල සම්බන්ධයෙන් අදහස් පළ කරමින් පවසා සිටියේ, තමා හාල් හංගගෙන ඉන්න බවට සිදුකරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි. එසේ හංගීමෙන් කිසිදු ප්‍රථිඵලයක් නොමැති බවත්, මේ ගැන අදහස් දැක්වූ ඒ මහතා ” මං හංගගෙන මං කන්නද?” යනුවෙන් ප්‍රශ්න කර සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan