*
Wednesday, January 15, 2025
spot_img

Latest Posts

‘ර’යන්න සහ ‘ම’යන්න පටලා ගැනීමෙන් වැළකී පෙරට යමු

මෙවර සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා සූරතාවලිය නිමා වූයේ වෙනස්කම් සහිතවයි.කාලයක් පුරාවට බාලිකා සූරතාවයේ ආධිපත්‍යය දිනා සිටි වලල ඒ රත්නායකය පසුපසට ඇඳ දමමින් එහි සූරතාවය වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල දිනා ගැනීම ඒ අතරින් කැපී පෙණුනා.පිරිමි සූරතාවය මීගමුව මාරිස්ටෙල්ලාව සතු වුණා.

ආසියානු ක්‍රීඩා උළෙල ඇසුරේ දස්කම් දැක් වූ පාසල් ක්‍රීඩකයින් වන තරුශි කරුණාරත්න,ජයේශි උත්තරා සහ ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණිය විශ්මි ගුණරත්න ශ්‍රී ලංකාවේ පාසල් අතර පැවත්වෙන සුවිශේෂීම කෙළි උළෙලේ විශේෂ ඇගයීමකට ලක් කිරීම කැපී පෙණුනා.එහි දී එම කාර්යයට මෙය සමස්ත ලංකා පාසල් කෙළි උළෙල ලෙස සළකා විශ්මි ගුණරත්න ද එයට ඇතුළත් කර ගන්න ලෙස LNW කරන ලද ඉල්ලීමට නම්‍යශීලී වෙමින් ශාරිරික සහ ක්‍රීඩා අධ්‍යක්ෂ උපාලි අමරතුංගයන් දැක් වූ නම්‍යශීලීත්වය සහ කළ පිළිගැනීම ඉහළ නිලධාරියෙකුගෙන් දැකිය හැකි දුලබ උසස් ගුණාංගයක්.

කළාප තරග සිට ජාතික තරගාවලිය දක්වා පැමිණි පාසල් ක්‍රීඩාවේ දක්ෂයන්ගේ සමාප්ත සමාචාර උළෙල නිර්මාණය වී තිබෙන්නේ මලල ක්‍රිඩා ඉසව්වන්ගෙන්.එය ඉතාම විධිමත් කාල සටහනකට අනුව සැකසී තිබුණා.කාලය බාධාවක් නොවී අවසාන මොහොතේ ත්‍යාග ප්‍රදානය දිය කරමින් වැටුණු සුළු වැස්සෙන් ඇති කළ බාධාව දක්වාම නිසි පරිදි තරගාවලිය රැඟෙන යාමට උපාලි අමරතුංගයන්ගේ අධික්ෂණ හැකියාව ඉහළින්ම බලපෑවා.එසේම අවසාන මොහොත යම් ආකාරයක වැසි බාධාවන් සමඟම හොද්දට පැනපු අමතර කෝකියන් ඇමති අභිමුව කැපී පෙනෙන්නට දරන ලද උත්සාහයන් නිසා යම් ආකාරයක රස හීනතාවයන් දැණුනා.එසේම වැස්ස දක්වා එය ඇඳෙන්නට අති විශාල පිරිසක් ත්‍යාග ප්‍රදානයට කැඳවමින් සෑම නිලධාරියෙක්ම පිනවන්නට දැරුව උත්සාහයත් ඊට බලපෑවා.එවැනි වන්දනාවන් සහ පිනවීම් වෙනුවට ක්‍රීඩා උළෙලේ ඇගයීම් ලද ක්‍රීඩිකාවන් තිදෙනා කැඳවා යම් ත්‍යාග ප්‍රදානයක් කළේනම් සහ ඔවුන් ප්‍රධාන පීඨිකාවේ අසුන් ගැන්නුවේනම් එය පාසල් කෙළි බිමේ දහදිය හලන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉහළම උපහාරයක් සහ ආශිර්වාදයක් වන්නට තිබිණ.

සමාප්ත සමාචාරයට මුස්ලිම් විද්‍යාලීය දියණියන්ගේ සරඹ සංදර්ශනය එක් කර ගෙන තිබීම උළෙලේ දුටු දැවන්ත ඉදිරියක් දකින ජාතිකමය සළකුණකි.විවිධ ජාතීන් සහ සංස්කෘතින් සහිත සමාජ වටපිටාවක අන්‍ය ජාතීන්වලට බලහත්කාරය මුදා හැරෙන සිංහල බෞද්ධ රාජ්‍ය නායකයෙක්ගේ ප්‍රකාශයකින් දිරි ගත් අපුල සංස්කෘතියක් නිමා කරන්නට පෙරට ආ බලවේග සහිත රටක, එහි පල රැකුණු අධ්‍යාපන කේෂ්ත්‍රය හරහා අනාගත යහපත සඳහා වන බුද්ධිමය පරිසරයක් නිර්මාණය කිරීමක් ලෙස මේ තත්ත්වය හැදින්විය හැකියි.ඒවා ඉරි ඇඳ පෙන්විය නොහැකි අවිඥාණික බලපෑමක පලය.නමුත් ඒ පසුගාමී චින්තනයෙන් ඉවත්වීමට දැවන්ත තීරණ ගන්නා අතරේම එවැනි පසුගාමී තීරණ කරඬු මත තබා වන්දනා කරන සිඳුවීම් ද සිඳුවෙමින් පවතින්නේය.

නමුත් මේ සත්භාවයන් සපිරි ක්‍රීඩා උළෙලේ සිඳු නොවිය යුතු දේ ද සිඳු වුණා.ඒවා මහා දැවන්ත වැඩකට නායකත්වය දුන් පුංචි මිනිසෙකුගේ අයහපත වෙනුවෙන් ඔහු වටා මිත්‍ර ලීලාවෙන් සිටින පිරිසක් නොදැනෙන්නට පිහියෙන් ඇනීමක බඳුයි.බොහෝ ලාංකේය ඉහළ නිලධාරි සමාජය තුළ කෙනෙක් අනෙකාගේ පිට පිරිමදින විට අවධානයෙන් සිටිය යුතු වන්නේ ඒ දැනෙන පිරිමැදිම කරන්නේ තියුණු මුවහතක් ඇති පිහියකින් ද නොවේද යන්න තේරුම් ගැනීමයි.නැතිනම් සිරුර ඇතුළතටම කිදා බසින තුවාල සහ හානි වලින් අර ආදරයේ රංගයන් නිම වෙන තෙක්ම කිසිවක් නොදැන සිටිනු ඇති.

ක්‍රීඩා උළෙල තැන තැන වැටුණු කෙස් රොදවල් අපට කීවේ ඇතැම් නිලධාරීන් ක්‍රීඩා උළෙල මැද්දේ කරණවෑමියන්ගේ චරිතයට පන පොවා තිබුණ බවයි.තරග ආරම්භයට වාර්තා කරන සිසුවාගේ කොණ්ඩය කපන්නට ඒ මොහොත යෝජනා කරමින් මානසිකව වද දීමට යාම ක්‍රීඩාවට අවශ්‍යය මානසිකත්වයට කිසිසේත්ම ඔබින දෙයක් නොවන බව නොදන්නා පිරිසක් එහි සිටීම කණගාටුවට කරුණක්.කොණ්ඩයට වඩා කොණ්ඩයට යටින් ඇති මොළය ගැන සැළකිලිමත් නොවුණොත් එක පිලක සිට මේ රටේ ක්‍රීඩාවට ජාත්‍යන්තර හැඩයක් අවශ්‍යය බව කියන හඩේ විසංවාදයක් ඇතිවන බව පිළිගත යුතුයි.ඒ නඟන හඬට ජාත්‍යන්තර හැඩයක් සක්ස වීමේදී යොවුන් ක්‍රිඩා විලාසිතාවන් ද ප්‍රතික්ෂේප කළ නොහැකි කාරණයක් වන අතර එය තමාගේ තරග මානසිකත්වයට මෙන්ම ප්‍රතිවාදියාගේ තරග මානසිකත්වය පාලනයට ද ලොව පුරා ක්‍රිඩකයින් යොදා ගන්න එක මාර්ගයක් බව කිව යුතුය.

තරගකරුවෙක්ට තරග කරන මොහොතේ හොඳ මානසිකත්වයක් ඇතුව තරග කිරීමට අවශ්‍යය පරිසරය පිට්ටනියක කෘතිම ධාවන පථ ඇඳ පමණක් ලබා දිය නොහැකි බව තේරුම් කර දීමට එළැඹෙන වසරේ සිට හෝ කටයුතු කරන්නට ක්‍රිඩා අධ්‍යක්ෂවරයාට සිඳුවන අතර යමෙන් යම් ආකාරයකින් මානසික අයිතීන් උල්ලංඝනය කරමින් තරග වැදීමට බාධා කළ බවට චෝදනාවක් ගෙන ආවොත් ඒ සඳහා නීතිය ඉදිරියට කැඳවන පුද්ගලයා වන්න වෙන්නේ කරණවෑමියන් නොව අධ්‍යක්ෂවරයාය.

එසේම ජාත්‍යන්තර හැඩයක් සහිතව ඊ ළඟ පරම්පරාවට පාර හදන ක්‍රීඩා උළෙලේ ශ්‍රි ලංකාව නියෝජනය කළ කණිෂ්ඨ ක්‍රිඩිකාවකට,එම වයස් කාණ්ඩයෙන් රට නියෝජනය කළ සිය ක්‍රිඩා ඇඳුමෙන් තරග වදින්නට නොඳුන් අවස්ථාවක් ද අපට නිරීක්ෂණය විය.හේතුව පාසල් කෙළි උළෙලට එය අශෝභනය.ලෝකයේ සම වයස් ක්‍රිඩිකාවන්ට එය අශෝභන නොවන අතර,ඒ සඳහා තරග වදින්නට රටට ද අශෝභන නොවූ ඇඳුමක් පාසල් කෙළී අළෙලට අශෝභන යැයි කිම තුළ ඇත්තේ,පාසල් කෙළි උළෙලම පහතට ඇඳ දැමීමක් නොවේද,එහි ප්‍රමිතිය එහි නියෝජිතයන් විසින්ම හෑල්ලුවට ලක් කිරීමක් නොවේද? දියණියකගේ බඩක් දැකීමට අපහසු ක්‍රීඩාව කරන මිනිස්සු කවුරුද යන්න හොය බැලීමට වඩා මේ ආකාරයට රාජකාරි වැඩ කරන අයට කිඩා උළෙලට පෙර ජාත්‍යන්තර යොවුන් තරග පැවත්වෙන වීඩියෝ දර්ශන කිහිපයක් හෝ පෙන්නා හිත හැදීම වැදගත්ය.ඇයට අනතුරුව පුහුණුවට රැඟෙන ආ ස්කිනයකින් ගෙල ද සිරවෙන සේ සැරසී තරඟ වැදිණ.

අපි ලෝක මට්ටමට යන ක්‍රීඩකයින්ගේ තිඹිරි ගෙය ලෙස සළකන සහ අගයන පාසල් ක්‍රීඩා පිටියේ උච්චතම සංදර්ශණ අවස්ථාව මේ ආකාරයෙන් කැත කරන පිරිස කවුරුන්ද යන්න සොයා බැලීමට කටයුතු කළ යුතුය.මේ ආකාරයට ගියහොත් පාසලේ අනන්‍යතාවය ප්‍රදර්ශණය කරන්නට පාසල් නිල ඇඳුමෙන් තරග කරන්නට කියන මට්ටමට ක්‍රිඩාව ආපස්සට ඇදගෙන යනු ඇත.සමහර විට මේ සියල්ල පාසල් පද්ධතියට ආදරයෙන් විනය ගරුක ශිෂ්‍යයෙක් වෙනුවෙන් කරන දේ හැටියට යාප්පුවට අධ්‍යක්ෂවරයාට යමෙක් ඒත්තු ගන්වන්නට හදන්නේනම් එය සැප පහසු පුටුවක් ඇතුළට දිග උල්පිහියක් බස්සවා සඟවා තබා අධ්‍යක්ෂවරයා එහි ඉන්දවීමක් පමණක් යන්න මෙහිදී සඳහන් කළ යුතුය.

පාසල් මට්ටමෙන් රටට පසුගිය කාලයේ වැඩිම ක්‍රීඩා ජයග්‍රහණ ප්‍රමාණයක් ගෙනෙන්නට දායක වූයේ පාසල් මලල ක්‍රීඩකයින්ය.ඒ නිසා ඒ සමහර ක්‍රිඩකයින් සිටින්නේ මෙහි බලය පතුරවන නිලධාරීන්ට වඩා ලෝකය දැක එය විඳය.ඒ නිසා අපි අපේ කම රැකගන්න ඕනි වැනි ඕලාරික වචනවලින් තව දුරටත් මේ රටට වි තිබෙන විනාශයේ පදනම් වචනයම ක්‍රීඩාවටත් යොදන්නේනම් රටේ ක්‍රිඩාව වෙනස් වෙන්නේ නැත.අන් හැම දෙයකදීම වගේ අපේකම ලෙස ලෝකයට පසුපසින් අප සිටිනු ඇත.

දක්ෂතම ක්‍රිඩකයා සෙවීමේදී අයෝමාල් අකලංකට සිඳු වූ අසාධාරණය සාධාරණය කරන්නට කී බොරුව වගකීම පැහැර හැරීමක්ය.එහිදී ගෙනෙන ලද තර්කය ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමයේ ලේකම් සමන් කුමාර ගුණවර්ධනගෙන්ද විමසා බැලුවෙමු.

නිශ්චිත දුර නැත්නම් ප්‍රශ්නයක් තියෙනවා.උදාහරණයකට මීටර් 110 පිරිමි කඩුලු ගන්න.ඒත් 16 න් පහළ වගේ ඒවා මීටර් 100 වෙනවා.සමහර වයස් කාණ්ඩවලදි මීටර් 400 කඩුලු මීටර් 300 කඩුලු වෙනවා.එතකොට ප්‍රශ්නයක් එනවා.එහෙම නැතුව කඩුල්ලේ උස,වීසි කරන උපකරණයක බර කිසිම විදිහකට දක්ෂතම ක්‍රිඩකයා වීමට බලපාන්න බැහැ.ඒ බර උස වගේ දේවල් තීරණය කරලා තියෙන්නෙ විශේෂඥයන්.එහිදී වයස එක්ක ජෛව විද්‍යාත්මක සාධක අනුව තමයි ඒ දේ කරලා තියෙන්නෙ.කවුරු හරි ඒක එහෙම නෙමෙයි කියනවනම්,ඒ දේ තියෙන පොත හරි ලිපිය හරි නීතිය හරි මටත් ඉදිරපත් කරන්න කියන්න”

සමන් කුමාර ගුණවර්ධනට පමණක් නොව ඒ තත්ත්වය අපටත් රටටත් දැන ගැනීමට අදාළ තේරීම් කරන ලද නිලධාරීන් එම තීරණය ගත් ආකාරය මේ වෙබ් අඩවිය හරහාම ඉදිරිපත් කරන්නට හැකියාව ඇති බැවින් අපි අධ්‍යක්ෂවරයාට එම නිලධාරීන් අදාළ තේරීම සඳහා යොදා ගත් ජාත්‍යන්තර නිර්නායකයන් ලබා දෙන මෙන් ඉල්ලා සිටින්නෙමු.මලල ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් අපි එය මෙහි පළ කරන අතර ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම්වරයාද එය නොදන්නා බැවින් ඉදිරියේදි ඔවුන් ද ක්‍රීඩා අමාත්‍යංශයද අධ්‍යාපන අමාත්‍යංශයෙන් මේ පිළිබඳව ලැබෙන දැණුම ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ප්‍රයෝජනයට ගනු ඇත.

එසේම ඉතාම අවාසනාවන්ත ලෙස මීටර් 100 සහය දීවීමේ ඉසව්වක් නැවත ධාවනය කරන්නට ගත් තීරණය විශාල ගැටළුවක් විය.එය කුමන හේතුව නිසා නැවත ධාවනය කළේ ද යන්න පිළිබඳව සාක්ෂියක් නැත.ක්‍රීඩාවට අජීවී වස්තුවක බලපෑමක් මත එවැනි දෙයක් සිඳු විණිනම් එය නැවත පැවත්වීමේ ගැටළුවක් නැත.නමුත් අවසාන යශ්ඨි හුවමාරුවේදී සිඳු වූ ඇඳ වැටීමක් නිසා එම තරගය නැවත පවත්වන්නට යෙදිණි.එහි වීඩියෝව මෙම සටහන සමඟ ඉදිරිපත් කර ඇත.අඩුම තරමේ දැන්වත් එම වීඩියෝව නරඹා නැවත පවත්වන්නට හේතු වූ කාරණය පැහැදිළි කළ හැකිනම් වටින්නේය.එම නැවත පැවත්වීම මත සිඳු වූ එකම දෙය සූරතා කුසලානය සම්බන්ධයෙන් පැවති තත්ත්වය වෙනස් වී පළමු,දෙවන සහ තෙවන ස්ථානවල යම් වෙනසක් විම පමණි.

කෙසේ වුව ඉදිරියටත් පස්සටත් කාලීනව ගමන් කළ උළෙලකි.ඉතාම නිවැරදිව කාල කළමණාකරණයක් තිබුණු ක්‍රීඩා උළෙලක් හැටියට ඊට සම්බන්ධ හැම දෙනාටම ඉහළ සිට පහළට ගෞරවය බෙදී යා යුතුය.නමුත් තව දුරටත් ඉතාම සම්ප්‍රදායික තැන්වල සිට පෙණුම හැඩ කරනු වෙනුවට අල කරන්නට වෑයම් කරන ඔළු ගෙඩි නිසා ක්‍රිඩා උළෙලට පාඩුවක්ද සිඳු විය.ක්‍රීඩා උළෙලට සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය උපරිමය පෙන්වන්නට හැකි සෑම වෙහෙසක්ම දරනු දැකිය හැකි විය.ඒ නිසාම වඩාත් විචිත්‍රවත් කරමින් නව තරග වාර්තා 23 ක් බිහි විය.

එම වාර්තාවන් සහ දක්ෂතා මත උළෙලේ සිඳු වූ විශේෂ ඇගයීම් ද මේ සමඟම දක්වා ඇත.උළෙල විචිත්‍ර කළ ශරීර හැකියාවන් අතරට දක්ෂතාවලට වැට බඳින මානසික දුබලතා ඇති කරන සිඳුවීම් ද මේ උළෙලේ දී දකින්නට ලැබිණ.දුබලතා සියල්ල නොකිරීමෙන් ඉවත් කළ හැකිය.සිඳු වූ යහපත් දේ ද අතිශයින් දුලබ දේ ය.ඉතා හොඳ ඇහුංකං දීමක් සහිත මඟ පෙන්වීමක් මඟින් උළෙලට දුන් ශක්තියට ස්තූති කරන අතරේම අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රිඩා හා ශාරිරික අධ්‍යාපන අංශයේ අධ්‍යක්ෂවරයාට ලංකාවේ දියුණුව වළකන මඟ මලකඩ කෑ අධ්‍යාපනය බව බොහෝ දෙනා කියන සහ පිළිගන්නා කරුණක් බව ඔබේ අවධානයට යොමු කරන්නෙමු.ඊට හේතුවන ආකල්පමය දෝශ රැඟෙන එන ක්‍රියාවන් මේ පොළව මත මුදා හරින ගුරුවරයා ද ඉගැන්වීම් මෙන්ම නවීන සහ වෙනස් විය යුතුය.අපි දුටුවේ මේ ක්‍රීඩා උළෙලේ වැරදි නොව.නිවැරදි තැන නොපිහිටි සමාජයක සිඳුවීම් ය.එය අවබෝධ කර ගැනීමට හැකිනම් 2024 ට අපට හමුවන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල මීටත් වඩා රසවත්ව නිමාව දකිනු ඇත.

ක්‍රීඩා ඇඳුම අදින්නට එකඟ නොවී සාරියම පටලාගෙන වැඩ කරන්නට එකඟවීමම කොයිතරම් ප්‍රායෝගිකද යන්න අපි විමසා බැලිය යුතුය.ඇඳුමේ,සිරුරේ පෙණුමේ වැදගත්කම අලුවාගෙන සිටිය හැකි යැයි සිටින පිරිස් සමඟ රටේ අනාගතයට උඩුගං බලා යාම උගන්වන්න බැරි බව අපි දනිමු.නමුත් රට යන අත උඩුගං බලා නොගොස් වෙනස් කළ නොහැකි තැනකට පත්ව ඇත.ඇත්ත එයය.ඒ සම්බන්ධයෙන් සබුද්ධිකව සිතා ඉහළින්ම හැදෙන විසල් පරාසයක හැසිරිය හැකි ලෙස විෂයන් වෙනස්වීම පාසල් ක්‍රිඩා උළෙලටද අදාළය.

මෙහි ප්‍රධාන ඡායාරූපය ලෙස දැක්වෙන්නේ මේ ක්‍රීඩා උළෙලේ වයසට සාපේක්ෂව ඉහළම හැකියාව පෙන් වූ බව අපට දැනෙන අයෝමාල් අකලංක සිය පුහුණුකරු අනුර බණ්ඩාර සමඟ වාර්තාගත ජයෙන් පසුව ගත් ඡායාරූපය ය.මේ උළෙල තුළ රමණයෙන් අත් විඳින වින්දනය මරණයෙන් දැනෙන වේදනාවක් බවට පත් කළ සිඳුවීමක් බවට අකලංකට බොරු සිද්ධාන්ත මවා පාමින්,ඔහුගේ හැකියාවට කරපු වින කිරීම හැඳින්විය හැකිය.ඇත්තටම අනාගතය ගොඩ නඟන විට මේ වචන දෙකේ “ර”යන්න සහ “ම”යන්න අවසාන ප්‍රතිපලය ලෙස අපට දායාද කරන්නේ කෙසේද යන්න ගැන දෙවරක් සිතිය හැකිනම් අතිශයින් වැදගත්ය.
රමණයේ වින්දනය ද මරණයේ වේදනාව ද ………?

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan