ඊශ්‍රායලයේදී මියගිය අනුලාගේ දේහය දිවයිනට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පසුගිය 07 වැනිදා හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයේ සිදුකළ ප්‍රහාරයක් අතරතුරදී මියගිය අනුලා රත්නායක මහත්මියගේ දේහය අද (28) පෙරවරුවේ දිවයිනට රැගෙනවිත් ඇත.

ඇගේ දේහය භාරගැනීම සඳහා පවුලේ ඥාතීන් ගුවන්තොටුපොළට පැමිණ සිටි අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් ද එහි පැමිණ සිටි බව වාර්තා වේ.

අනුලා මහත්මියගේ දේහයේ අවසන් කටයුතු සිදු කිරීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යංශය පාර්ශ්වයෙන් සිදු කරන කාර්යයන් කඩිනමින් කිරීමට කටයුතු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, මාධ්‍ය ප්‍රකාශක ගාමිණී සෙනරත් යාපා මහතා පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගින්නෙන් උපන් සීතල 2 අධ්‍යක්ෂණයට ප්‍රසිද්ධ දේශපාලනඥයින් තිදෙනෙක් ???

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාවකට

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලාංකීය සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ...