වප් පුරපසළොස්වක පෝය නිමිත්තෙන් දහස් සංඛ්‍යාත සැදැහැවතුන් ශ්‍රී දළදා මාලිගාවට

Date:

සටහන – නදීක දයා බණ්ඩාර

මහනුවර (LNW):
වප් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීම සඳහා දහස් සංඛ්‍යාත සැදැහැවතුන් අද (28) පෙරවරුවේ සිට මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණෙමින් සිටී.

අලුයම තේවාවේ සිටම ශ්‍රී දළදා මාලිගාවේ විවිධ ආගමික වතාවත් සිදු වේ. දන්ත ධාතූන් වහන්සේ උදෙසා කිරි ආහාර පූජාවන් සිදු වන අතර ඓතිහාසික මඟුල් මඩුවේදී සිල් සමාදන් කරවීමේ ආගමික වතාවත් සිදු කෙරේ.

ආමිස හා ප්‍රතිපත්තිමය පූජාවන් සඳහා උදෑසන සිටම සැදැහැවතුන් විශාල පිරිසක් ශ්‍රී දළදා මාලිගාවක් හරහා පැමිණෙමින් සිටින අතර ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දළදා මාලිගා පොලිසිය මගින් විශේෂ වැඩසටහන් සංවිධාන කොට තිබේ.

සැදැහැවතුන්ට අවශ්‍ය පහසුකම් සම්පාදනය කිරීම සඳහා දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ද මූලික පහසුකම් සම්පාදනය කර ඇත.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සහිරාවට සහ වෙස්ලියට පෑදුණ කොරියානු පින

නිශ්මං රණසිංහ දෙසැම්බර් 11, කොළඹ LNW: කොරියානු රගර් පරිපාලනය විසින්...

75වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ්වෙතින් සැමරුමක්! (PHOTOS)

2025 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම නිමිත්තෙන් රයිට් ටු...

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට යළි වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන්...