මිලියන 1.1 කට අධික සංචාරක පැමිණීමක්! 2023 අවසානයේ මිලියන 1.55 ක සංචාරක ඉලක්කයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දැඩි ආර්ථික අවපාතයට මුහුණදීමෙන් පසු ශ්‍රී ලංකාව නැවතත් හිස ඔසවන බව පෙන්වීමට සාධකයක් ලෙස මෙම වසරේ සංචාරකයින්ගේ පැමිණීම මිලියන 1.1 කට අධික වී ඇති බව සංඛ්‍යා දත්ත පෙන්නුම් කරයි.

2023 වසර අවසන් වන විට මිලියන 1.55 ක සංචාරක පැමිණීමක් බලාපොරොත්තු වන බව සංචාරක කර්මාන්තය පවසයි.

මෙම සුවිශේෂී තත්ත්වය 2019 වසරේ පැමිණි සංචාරකයින් මිලියන 1.9 ක පැමිණීමෙන් පසු මෙරටට පැමිණි වැඩිම සංචාරකයින්ගේ සංඛ්‍යාවක් මෙවර සනිටුහන් කරයි.

ඔක්තෝබර් මාසයේ මුල් දින 25 තුළ සංචාරකයින් 87,926ක් පැමිණ ඇති අතර, මුළු පැමිණීම් මිලියන 1.1 සීමාව ඉක්මවා ගොස් ඇත.

ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය සහ චීනය යන රටවල් ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකාව සඳහා වැඩිම සචාරක ගමනාන්තය ලෙස තෝරාගෙන ඇති බව වාර්තා සටහන් පෙන්වයි.

කොළඹට ක්‍රියාත්මක වන නව ගුවන් ගමන් ආරම්භ කිරීමෙන් කාර්යබහුල වසර අවසානයක් සංචාරක කර්මාන්තය අපේක්ෂා කරයි.

2023 තුන්වන කාර්තුවේ සංචාරක ඉපැයීම් ඩොලර් බිලියන 1.45 ඉක්ම වූ බව මහ බැංකුව අනාවරණය කරයි, එය පසුගිය වසරට අනුව 67% ක විශ්මයජනක වැඩිවීමක් බවද සඳහන් වේ..

සැප්තැම්බර් මාසයේ සංචාරක ඉපැයීම් ඩොලර් මිලියන 152.2 ක් වූ නමුත් අගෝස්තු මාසයේ සිට 28% ක අඩුවීමක් දක්නට ලැබුණි. සැප්තැම්බර් මාසයේ එහි මාසික පැමිණීමේ ඉලක්කයට වඩා අඩුවීම මෙම පහත වැටීමට හේතු වී ඇත.

ශ්‍රී ලංකාව තුළ ඇති ස්වභාවික සම්පත් වල අනූන බව සංචාරක ව්‍යාපාරය සහ ව්‍යාපාරවල මෙහෙයුම් කටයුතු සඳහා විශාල දායකත්වයක් සපයයි.

රටේ ඇති විවිධ වනජීවී ස්ථාන, සිත් ඇදගන්නාසුළු වෙරළ තීරයන් සහ මනරම් භූ දර්ශන සමඟින්, එක්සත් රාජධානිය, ඉන්දියාව සහ යුරෝපයේ සංචාරකයින් මේවාට දැඩි ආකර්ෂණයක් දක්වයි.

තවද, පාරිසරික සංචාරක සේවා සඳහා අවස්ථා නිර්මාණය කිරීම සහ නවාතැන්, ආහාර, පාන වර්ග සහ අද්විතීය දීමනා සඳහාද වැඩි ඉල්ලුමක් නිර්මාණය වී ඇත.

මීට අමතරව, ශ්‍රී ලංකාවේ ස්වභාවික සම්පත් සූර්ය බලශක්තිය වැනි පිරිසිදු හා පිරිවැය අඩු පුනර්ජනනීය බලශක්තිය සඳහා ආයෝජනය කිරීමට අවස්ථාව ලබා දීමත්, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් යොදා ගනිමින් දැනටමත් දේශීය ආර්ථිකයට සහ ගෝලීය පාරිසරික සංරක්ෂණ කටයුතු වැඩිදියුණු කර ඇත.

ජනවාර්ගික ගැටුම අවසන් වීමෙන් පසුව, ලොව පුරා ආයෝජකයින් ආකර්ෂණය කරගැනීමට හැකි යටිතල පහසුකම් පද්ධතියකටද ශ්‍රී ලංකාව උරුම කම් කියයි.

නවීකරණය කරන ලද වරාය, ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ වඩා හොඳ මාර්ග සහ මහාමාර්ග ආර්ථික වර්ධනයට පහසුකම් සලසා ඇති අතර , සංචාරකයින්ට සහ ව්‍යාපාරිකයින්ට රට තුළ ගමන් කිරීම වඩාත් පහසු කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලක්ෂ්මන් යාපාගේ අලස් නඩුවටත් නියෝගයක් ලැබෙයි!

කොළඹ LNW:හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ...

අපිව මෙහෙම ගෙන්වන එක අපිටත් හොදයි.3% දායක සභාවටත් හොඳයි – FCID ආපු මනූෂ කියපු කතාව

කොළඹ LNW:ඉතිහාසය විසින් ගොඩනගා තිබෙන හොරු, වංචාකාරන් පිළිබඳ ඇත්ත...

අධිකරණ සේවා කොමිසම රජය අපහසුතාවට පත්කිරීමේ කුමන්ත්‍රණයකද ??

අධිකරණ සේවා කොමිසම විසින් ලබාදී ඇති ස්ථාන මාරුවීම් සහ...

ඩයලොග් ඇරඹුමට කොළඹින් කණ්ඩායම් 40

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය...