අද රග්බි ලෝක සුරයන් තේරෙන දවසයි – තෙවන තැන එංගලන්තයට

0
647

මේ මොහොතේ ලෝකයේ ක්‍රීඩා දෙකක් අළලා ලෝක කුසලාන තරගාවලි ක්‍රියාත්මකයි.එයින් රග්බි ලෝක කුසලානයට ක්‍රිකට් ක්‍රීඩාව මෙන් විශාල ප්‍රමාණයක ලෝක ආකර්ශණයක් තිබෙනවා.ඒ ඇත්ත ඇතුළේ ඊයෙ පැවති ලෝක කුසලාන රග්බි තරගාවලියේ තෙවන තැන තීරණය කරන තරගයෙන් එංගලන්තය ජය ගත්තා.

පෙණුමට ආර්ජෙන්ටිනාවට වඩා එංගලන්තය ඉදිරියෙන් සිටියත් එංගලන්තය ප්‍රථම අර්ධයේ ලබා ගත් ලකුණු 16 -10 පරතරයට දෙවන අර්ධයේදී ආර්ජෙන්ටිනාව නොසිතූ ආකාරයට අභියෝග කරන්නට වුණා.ඒ අනුව තරගය නිමා වන විට දෙවන අර්ධයේදී 13 – 10 ක් ලෙස ආර්ජෙන්ටිනාව ඉදිරියට ආවත් ප්‍රථම අර්ධයේ දී ලබා ගත් ලකුණු හයක වාසිය පදනම් කරගෙන එංගලන්තයට ලකුණු 26 – 23 ක් ලෙස ගබා ගනිමින් 2023 රග්බි ලෝක කුසලාන තරගාවලියේ තෙවැන්නන් හැටියට තරගය නිමා කරන්නට හැකි වුණා.

අද අවසන් තරගය පැවත්වෙන්නේ ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම සූරතා ගණනක උරුමය හිමි කාටද යන්න තීරණය කිරීම පිණිසයි.දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය තරම් ලෝක සුරතාවය රස බැලූ වෙනත් ජාතීන් දෙකක් නැහැ.ඒ නිසා අද රාත්‍රිය කුමන හෝ රටක නම ඉතිහාසයට සූරතාවය නිසා පමණක් නොව වැඩිම සූරතා ගණනක් දිනූ රට හැටියටත් එක් වන්නට නියමිතයි.ඒ නිසා අද තරගයට දෙපිළම ජයග්‍රහණය සමඟ රග්බි ලෝක කුසලාන ඉතිහාසය වෙනස් කරන්නට තමන්ට ලැබුන අවස්ථාව වෙනුවෙන් ඉහළින්ම කැප වෙනු ඇති බව සහතකියි.

ස්ප්‍රින්ග්බොක්ස් නම් වූ අනවර්ථ නාමයෙන් ලෝකය දන්නා දකුණු අප්‍රිකාවත්,ඕල්ඩ් බ්ලැක්ස් නමින් ලෝකය දන්න නවසීලන්තයත් අවසාන තරගය පැමිණිම නිසා අද රාත්‍රියේ ලොව පුරා රග්බි ප්‍රේක්ෂකයන්ගේ අවධානය වැඩි වශයෙන් යොමුවන බව සැක නැහැ.මන්ද රග්බි ක්‍රීඩාව දේශ සීමාවලින් බැහැරව ගෞරවයෙන් වැළඳගන්න ලොව පුරා කෝටි ගණනක ජනතාව වඩාත්ම ඇළුම් කරන කණ්ඩායම් දෙක ස්ප්‍රින්බොක්ස් සහ ඕල්ඩ් බ්ලැක්ස් ලෙස හැඳින්විය හැකියි.

ඡායාරූඵයේ දැක්වෙන්නේ එංගලන්තය සහ ආර්ජනේටිනා තරගයෙන් පසුව එංගලන්ත ක්‍රීඩකයින් ජය සමරන අයුරුයි.

සටහන – නිෂ්මං රණසිංහ