කලා ලොවේ ප්‍රවීණයකු වූ සුනිල් සිරිවර්ධන මහතා අභාවප්‍රාප්ත වෙයි.

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ප්‍රවීණ සංගීතඥ සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ , ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් සිරිවර්ධන මහතා අද (28) දින අභාවප්‍රාප්ත වී ඇත.

මිය යන විට ඔහු 81 හැවිරිදි වියේ පසු වුණා.

ප්‍රවීණ ගායන ශිල්පිනි චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මියගේ සහෝදරයා වන සුනිල් සිරිවර්ධන මහතා කලා ශිල්පීන් වන මදුමාධව අරවින්දගේ සහ ධනංජය සිරිවර්ධනගේ ආදරණීය පියාණන් ද වේ.

පවුලේ ඥාතීන් සඳහන් කළේ, මිය ගිය සුනිල් සිරිවර්ධන මහතාගේ අවසන් කැමැත්තට අනුව අද දිනයේම අවසන් කටයුතු සිදු කරන බවයි.

ටික දිනකට පෙර මදුමාධව අරවින්ද තම ආදරණීය දෙමාපියන් ගැන මෙසේ ලියා තිබුණා…

කනාටු සුලගේ
දුහුල් මලකි මා….
වල් මත් වී පාවෙන්නේ….
ඔබ ගෙන් දෝ
ඔහුගෙන් දෝ
මා හෙට දින …. සමුගන්නේ…….
හිරු සදු එකවර
දෙපස නැගේ……
කලුවර නෑ
විජිතයම මගේ…
සමහර ගීත… හරි එලියයි…. කලුවරෙත්.
අම්ම තාත්තා එහෙම එලියක්…
ගොඩාක් කලුවර මකපු රන් කෙන්දෙන්

ඔහුගේ අවසන් කැමැත්ත මෙසේ සටහන් වී ඇත..

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇත්තටම ශ්‍රී ලංකාව බිඳ වැටුණේ කෙසේද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව සැබවින්ම...

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...