දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට සූදානමින් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ උසස්වීම් සම්බන්ධ ගැටලුවක් ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් ක්ෂණික වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීරණ වීමට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව, ඊයේ (28) දිනයේ සිට පැය 72ක කාලයක් තුළ සිය ඉල්ලීම් සඳහා දුම්රිය බලධාරීන්ගෙන් යහපත් ප්‍රතිචාර නොලැබුණහොත් මෙසේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවයි එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ.

“දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා මේ වෙද්දි ප්‍රකාශ කරලා තියෙනවා අපි වැරදි තොරතුරු දෙනවා කියලා. නමුත් කිසිදු වැරදි තොරතුරක් නෑ. වසර 5න් 5 ශ්‍රේණිගත වෘත්තීය සමිති ගණනාවක ඉල්ලීමකින් කොටසකට විතරක් දීලා පැවති රජයේ අමාත්‍යවරයා අවස්ථාව ලබානොදෙද්දි වෘත්තීය ක්‍රියාමාර්ගයකින් අපිට ලැබුණු උසස්වීම් ක්‍රමවේදය මේ වෙද්දි ක්‍රියාත්මක කරන්නේ නැතුව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා අත්තනෝමතිකව රඳවාගෙන තබාගෙන ඉන්නවා. ඒ පිළිබඳව අපේ විරෝධය පළ කරනවා. නමුත් ඒ හා සමගම තවත් කරුණු කිහිපයක් තියෙනවා. විවිධ ශ්‍රේණිවලට වාසි සහගත ලෙස සලකමින් දෙපාර්තමේන්තුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට තල්ලු කිරීමේ උත්සාහයක පාලනාධිකාරිය කටයුතු කරනවා කියන එක ඇමතිවරයාට හා ජනාධිපතිවරයාට පවසනවා. මෙයට සාධනීය පිළිතුරක් නැති නම් සමස්ත දුම්රිය සේවකයින් වෙනුවෙන් අපි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා” යැයි ඒ මහතා අද (29) උදෑසන ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වතු කම්කරුවන්ට සුබ කාලයක්!

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : වර්තමානයේ පවතින කම්කරු...

වයස් කාණ්ඩ හතරක බාලක බාලිකාවෝ ස්කොෂ් සඳහා කොරියාවට

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: දකුණු කොරියාවේ ගිම්චියොන් ස්කොෂ්...

විපක්ෂයෙන් මන්ත්‍රීලා ගන්නේ අත උස්සන්න විතරයි. තීන්දු ගන්න බලයක් දෙන්නෑ. 69 ලක්ෂය වගේ තමා – ඇමති ප්‍රසන්න

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට සම්බන්ධ...

විදේශ සංචාර චෝදනා ගැන හිටපු ජනපති රනිල්ගෙන් නිවේදනයක්

2023 සැප්තැම්බර් මාසයේදී රනිල් වික්‍රමසිංහ මහතා වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ කළ...