යුද හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වූ ආරක්ෂක ලේකම්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ (LNW):

ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි යුද හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වූ බව සඳහන් වේ.

ඒ මහතා ආරක්ෂක ලේකම්වරයා ලෙස පත්වීමෙන් පසු යුද හමුදා මූලස්ථානයට පැමිණි පළමු අවස්ථාව මෙය බව වාර්තා වේ.

ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා පිළිගැනීම වෙනුවෙන් සම්මාන මුරයක් පිරිනැමුණු අතර , යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ආරක්ෂක ලේකම්වරයා පිළිගනු ලැබූ බව සඳහන් වේ.

ආරක්ෂක ලේකම්වරයා සහ යුද හමුදාපතිවරයා සුහද සාකච්ඡාවක ද නිරත වී ඇති අතර , ජාතික ආරක්ෂාව ප්‍රමුඛ කර ගනිමින් රටේ සංවර්ධන ක්‍රියාවලියට යුද හමුදාව දක්වන දායකත්වය ආරක්ෂක ලේකම්වරයා මෙහිදී අගය කළ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රට ගොඩනැගීමේදී සංචාරක හා නිෂ්පාදන ක්ෂේත්‍රයේ දායකත්වය ලබා ගැනීම ගැන විශේෂ සාකච්ජාවක්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ දී...

පොලිස්පති කළ විශේෂ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : පොලිස්පති නීතිඥ ප්‍රියන්ත...

ඇපල් ඩේලි පුවත්පතේ නිර්මාතෘ ධනපති ජිම්ලායිට 20 වසරක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු...

ජපානයේ අගමැති ටකයිචිට මැතිවරණයෙන් දැවැන්ත ජයක්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ මන්ත්‍රී මණ්ඩල...