රටේ ණය ගෙවන්න නම් සමගියේ බහුතරයක් පාර්ලිමේන්තු එවන්න – සජිත්

Date:

කොළඹ LNW:ජනතා පීඩනය අවම කිරීමට නොහැකි වූ ජනතා විමුක්ති පෙරමුණට පාර්ලිමේන්තුවේ බහුතරය නොදී සමඟි ජන බලවේගයට ලබා දීමට කටයුතු කරන ලෙස එහි නායක සජිත් ප්‍රේමදාස මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අනුර කුමාර දිසානායක මහතා මැතිවරණ වේදිකාවේදී බදු අඩුකරන බව පැවසුවද එය කළ නොහැකි වූ බවයි ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ.

වත්මන් ආර්ථිකයට නම් ණය ගෙවීම දරාගත නොහැකි බවත් ඒ සදහා සීග්‍ර ආර්ථික වර්ධනයක් අවශ්‍ය බවත් මේ ණය කන්දරාව නැවත ගෙවීමට නම් සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් බහුතරයක් පාර්ලිමේන්තුවට පත් කළ යුතු බව ඔහු කියා සිටියි.

එසේ නොමැති වුවහොත් 2028දීත් රට බංකොලොත් වන බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ජා කර ජනතාවට ගැළපෙන ගිවිසුමක් අත්සන් කළ හැක්කේ සමගි ජන බලවේගයට බවද ඔහු තවදුරටත් කියාසිටියි.

ප්‍රේමදාස මහතා මෙම අදහස් දක්වා සිටියේ කොළොන්නාව ප්‍රදේශයේ ජන හමුවකට එක්වෙමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙතෙක් ලංකාවේ නැව්වලට කැසිනෝ බලපත්‍ර දුන්නේ නෑ. අලුත් පනතින් නැව්වලටත් කැසිනෝ බලපත්‍ර ඉල්ලීමේ අවස්ථාව !

අලුතින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සූදු නියාමන පනත යටතේ...

ඉරානයෙන් පිටුවහල් කරන ලද ඇෆ්ගන් ජාතිකයන් ගමන් ගත් බස් රථයක් අනතුරට ලක් වීමෙන් 71දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයෙන් පිටුවහල් කරන...

මදුරාවතී නම් තරු රටාව – භාෂාව මිටින් ගෙන හොම්බට අනින කවි

සාදය සූදානම් කරපු චන්දරේට යන්නම් කියපු ලූලා ඇලෙන් පැනලා...