සජබ තිස්සට එරෙහිව අගමැතිනිය නඩු පවරයි!

Date:

කොළඹ LNW:මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළහොත් දළදා පෙරහැර නවත්වනු ඇතැයි සමඟි ජන බලවේගයේ ජාතික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයට එරෙහිව අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය මෙනෙවිය විසින් කොළඹ දිස්ත්‍රික් අධිකරණය හමුවේ රුපියල් ලක්ෂ දහසක වන්දියක් ඉල්ලා නඩු පවරා තිබේ.

තිස්ස අත්තනායක විසින් ඉහත ප්‍රකාශය සිදුකරන ලද්දේ පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේ දී වන අතර ජාතික ජන බලවේගය බලයට පැමිණි පසු දළදා පෙරහැර නවත්වන බව හරිනී අමරසූරිය පවසා ඇතැයි සජිත් ප්‍රේමදාස මහතා ද සහභාගී වූ මහජන හමුවක් අමතමින් තිස්ස අත්තානයක පවසා තිබුණි.

තිස්ස අත්තනායක මහතාගේ මෙම ප්‍රකාශය පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සිය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුළ ද ප්‍රචාරය විය.
අදාළ ප්‍රකාශය සත්‍යයෙන් තොර බවත්, එකී අසත්‍ය ප්‍රකාශය සිදු කළ තිස්ස අත්තනායකට එරෙහිව නඩු දමන බවත්, ජනාධිපතිවරණයට පෙර දීම, නලින්ද ජයතිස්ස මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් දැනුම් දුන් අතර ඒ අනුව අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ මෙම සංවාදය කෙරෙහි ඉතා වැඩි අවධානයක් ද යොමුව තිබුණි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යෝෂිතගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ...

නාරාහේන්පිට මහල් නිවාස ගින්න නිවන්න ගිනි නිවන රථ 13ක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : නාරහේන්පිට, දාබරේ මාවතේ...

Wanderlust Wednesday: යාපනයේ තල් අරණේ රවුමක්! Discovering Jaffna, Sri Lanka

සෑම බඳාදා දිනකම “Wanderlust Wednesday” තුළින් ඔබට ලස්සන තැන්,...

“ෆෝ නේශන් බාස්කට්බෝල් ලීග්” තරඟාවලියේ ශූරතාව කොළඹ ආනන්දෙට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : තායිලන්තයේ පැවති වයස...