ගාසාවේ කඳුළු අවසන් නැද්ද?

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

මේ වනවිට, සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර තිබියදීත් ගාසා තීරයට ඊශ්‍රායලය විසින් යළි ගුවන් ප්‍රහාර එල්ල කර ඇතැයි වාර්තා වේ.

ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පවසා ඇත්තේ ගාසා තීරයේ සිටින ඊශ්‍රායල සොල්දාදුවන්ට ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

එමෙන්ම මියගිය ප්‍රාණ ඇපකරුවන්ගේ සිරුරු ආපසු ලබා දීමේ කොන්දේසි කඩ කළ බවටද හමාස් සංවිධානයට ඔහු එහිදී චෝදනා කර ඇත.

නමුත් හමාස් සංවිධානය පවසන්නේ තමන් ප්‍රහාරයට කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

සටන් විරාම ගිවිසුමට තමන් කැපවී සිටින බවද හමාස් සංවිධානය අවධාරණය කරයි.

කෙසේවෙතත් ගාසා තීරයේ ඇසින් දුටුවන් උපුටා දක්වන විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඊයේ සවස ගාසා තීරයට ඊශ්‍රායල ප්‍රහාර මාලාවක් එල්ල වූ බවයි.

එහිදී අවම වශයෙන් පලස්තීන ජාතිකයන් නව දෙනෙකු මිය ගිය බවටද එම වාර්තාවල සඳහන් වේ. අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් පවසා ඇත්තේ සටන් විරාමය පවතින බවට තමා විශ්වාස කරන බවයි. පසුගියදා ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා ඊශ්‍රායල බලධාරින් එකඟතාවය පළ කළේ අමෙරිකාවේද මැදිහත් වීමෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෘත්‍රිම බුද්ධිය සමඟ එක්කාසු වෙන්නට යන තාක්ෂණික දැවැන්තයා – Amazon

සටහන – පුලී ඔක්තෝම්බර් 29, කොළඹ (LNW): කෘත්‍රිම බුද්ධිය (AI) මගින්...

කාණ්ඩ තුනකින් අවසන් 16 අතරට පැමිණි යොවුන් බැඩිමින්ටන් තරු අතරින් කෙනත්ගෙන් හොඳ සටනක්

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 29,  කොළඹ LNW: බබහරේනයේ පැවත්වෙන ආසියානු යොවුන්...

සීනි බිම වැටුණම කුඹින්ට ටෙලිග්‍රෑම් ගහන්න ඕනේ නෑනේ. ඒ වගේ තමයි 21 සජබෙත් එයි!

කොළඹ LNW: විපක්ෂයේ පක්ෂ විසින් එකාබද්ධව සංවිධානය කරනු ලබන...

ක්‍රීඩාවට සංවේදී ද?

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 29,  කොළඹ LNW: තවමත් දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ...