කාණ්ඩ තුනකින් අවසන් 16 අතරට පැමිණි යොවුන් බැඩිමින්ටන් තරු අතරින් කෙනත්ගෙන් හොඳ සටනක්

Date:

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 29,  කොළඹ LNW:

බබහරේනයේ පැවත්වෙන ආසියානු යොවුන් සූරතාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායමේ නෙකත් අරුග්ගොඩ බාලක කේවල අංශයෙන්ද,සිතුලි රණසිංහ කාන්තා කේවල අංශයෙන් ද,පමුදු රන්දිලිගම සහ නෙත්මි රත්නායක මිශ්‍ර යුගල අංශයෙන් ද අවසාන 16 අතරට පිවිසීම කැපී පෙණුනා.ගෙවුණු කාලය තුළ ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වල සංවිධානය වුූ ජාතික ම්ටමේ තරගාවලිවලදී මෙන්ම,ජ්‍යෙෂ්ඨයන්ට මෙන්ම කණිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් ජාත්‍යන්තර අත්දැකීම් ලබා ගැනීමට සකස් වූ මාර්ගය ඔස්සේ මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල ප්‍රගතියක් ලබා ඇති බව මේ ජයග්‍රහණ පැහැදිළි කරනවා.
මෙම අවසාන 16 දෙනාගේ තරග වටයේදී පිරිමි කේවල තරගයේදී ඉන්දුනීසියාවේ ගේන් මහරිෂේල් හමුවේ ශ්‍රී ලංකාවේ කෙනත් අරුග්ගොඩ පරාජය කිරීම ඒ අතර කැපී පෙණුනා.පුරා පැයක් පුරා පැවති එම තරගයේදී ගේන් ට කෙනත්ව පළමු වටයේ දී 21 – 19 ක් ලෙස අභිබවා යාමට විනාඩි 19 ක් ගත වුණා.දෙවන වටය විශාල තරගකාරී ස්වරූපයක් ගත් අතර විනාඩි 27 ක් පැවති එම යටයේ ජය කෙනත්ට හිමි වුණේ 24 – 22 ක් ලෙසයි.වඩා දියණු බැඩිමින්ටන් සංස්කෘතියක ඉහළ තරගකාරීත්වය විඳ දරා ඇති ඉන්දුනීසියාවේ ගේන් ඒ සියල්ල දරා ගනිමින් එම වටය 21 – 10 ක් ලෙස දරා ගනිමින් අර්ධ අවසාන පූර්ව වටය සදහා යාමට ඉඩ සකසා ගත්තා.
මේ අතර සිතුලි රණසිංහ චීනයේ යින් යින් ක්වින්ග් අතින් ලකුණු 21 – 4 සහ 21 – 3 ක් ලෙස පරාජයට පත් වුණා.විනාඩි 19 ක් ගෙවෙන තැන තරගය නිමා කරන්නට මෙහිදී චීන යුගලයට හැකි වෙනවා. සිතුලි, කෙනත් සමඟ එක් වී චීනයේ ෂීන් සිබෝ සහ චෙන් ෂිහාන් සමඟ පැවති මිශ්‍ර යුගල තරගයද චීන යුගලයට ජය අත්වෙමින් නිමා වෙනවා.එහි ලකුණු තත්ත්වය දැක් වුණේ ලකුණු 21 – 16 ක් සහ 21 – 9 ක් ලෙසයි.ඒ සඳහා විනාඩි 29 ක කාලයක් ගත වෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන පහක් ඉල්ලා නඩු පවරයි ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

සමස්තයක් ලෙස වසරේ පළමු මාස නවයේ ආර්ථික වර්ධන වේගය 5% ක්

තුන්වන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.4%ක වර්ධන වේගයක්...

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයෙන් බලපෑම් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහය දිවයිනේ කාලගුණයට...

හිටපු කථානායක රන්වලගේ ජීප් රථයේ දෝෂයක්. ඔහුගේ වෛද්‍ය වාර්තාව තවමත් ලැබී නැහැ – පොලීසිය

පසුගිය 11 වනදා අනතුරට ලක්වූ හිටපු කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී...