කාණ්ඩ තුනකින් අවසන් 16 අතරට පැමිණි යොවුන් බැඩිමින්ටන් තරු අතරින් කෙනත්ගෙන් හොඳ සටනක්

Date:

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 29,  කොළඹ LNW:

බබහරේනයේ පැවත්වෙන ආසියානු යොවුන් සූරතාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායමේ නෙකත් අරුග්ගොඩ බාලක කේවල අංශයෙන්ද,සිතුලි රණසිංහ කාන්තා කේවල අංශයෙන් ද,පමුදු රන්දිලිගම සහ නෙත්මි රත්නායක මිශ්‍ර යුගල අංශයෙන් ද අවසාන 16 අතරට පිවිසීම කැපී පෙණුනා.ගෙවුණු කාලය තුළ ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වල සංවිධානය වුූ ජාතික ම්ටමේ තරගාවලිවලදී මෙන්ම,ජ්‍යෙෂ්ඨයන්ට මෙන්ම කණිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් ජාත්‍යන්තර අත්දැකීම් ලබා ගැනීමට සකස් වූ මාර්ගය ඔස්සේ මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල ප්‍රගතියක් ලබා ඇති බව මේ ජයග්‍රහණ පැහැදිළි කරනවා.
මෙම අවසාන 16 දෙනාගේ තරග වටයේදී පිරිමි කේවල තරගයේදී ඉන්දුනීසියාවේ ගේන් මහරිෂේල් හමුවේ ශ්‍රී ලංකාවේ කෙනත් අරුග්ගොඩ පරාජය කිරීම ඒ අතර කැපී පෙණුනා.පුරා පැයක් පුරා පැවති එම තරගයේදී ගේන් ට කෙනත්ව පළමු වටයේ දී 21 – 19 ක් ලෙස අභිබවා යාමට විනාඩි 19 ක් ගත වුණා.දෙවන වටය විශාල තරගකාරී ස්වරූපයක් ගත් අතර විනාඩි 27 ක් පැවති එම යටයේ ජය කෙනත්ට හිමි වුණේ 24 – 22 ක් ලෙසයි.වඩා දියණු බැඩිමින්ටන් සංස්කෘතියක ඉහළ තරගකාරීත්වය විඳ දරා ඇති ඉන්දුනීසියාවේ ගේන් ඒ සියල්ල දරා ගනිමින් එම වටය 21 – 10 ක් ලෙස දරා ගනිමින් අර්ධ අවසාන පූර්ව වටය සදහා යාමට ඉඩ සකසා ගත්තා.
මේ අතර සිතුලි රණසිංහ චීනයේ යින් යින් ක්වින්ග් අතින් ලකුණු 21 – 4 සහ 21 – 3 ක් ලෙස පරාජයට පත් වුණා.විනාඩි 19 ක් ගෙවෙන තැන තරගය නිමා කරන්නට මෙහිදී චීන යුගලයට හැකි වෙනවා. සිතුලි, කෙනත් සමඟ එක් වී චීනයේ ෂීන් සිබෝ සහ චෙන් ෂිහාන් සමඟ පැවති මිශ්‍ර යුගල තරගයද චීන යුගලයට ජය අත්වෙමින් නිමා වෙනවා.එහි ලකුණු තත්ත්වය දැක් වුණේ ලකුණු 21 – 16 ක් සහ 21 – 9 ක් ලෙසයි.ඒ සඳහා විනාඩි 29 ක කාලයක් ගත වෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමගි ජන බලවේගයට වසර 6යි. කතරගම කිරිවෙහෙරේ ආශිර්වාද පින්කමක්

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගයේ 6 වැනි සංවත්සරය...

ශ්‍රමික ප්‍රේෂණ, සංචාරක පැමිණීම් සහ මහ බැංකුවේ මැදිහත් වීම්

විදේශ අංශය දෙස බලද්දී වසරේ ආරම්භය නරක නැහැ. ජනවාරි...

ඉස්සෙල්ලා බලන්න ඕනෙ ඡන්දෙට එන්න හීන දකින මනමාලයා තව මාස කීයක් එළියෙ ඉඳියිද කියලා – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණය තමන්ගේ වගකීම ඉතාම ඉහළින්ම ඉටුකරන...

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...