ටිල්වින් සිල්වාට ආරක්ෂාව දෙන්නේ එයත් පාතාලේද?

Date:

කොළඹ LNW: බලය ලබා ගැනීමට පෙර පැවසුවේ ආරක්ෂාව අවශ්‍ය නැති බව ප්‍රකාශ කළද ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාටද ආරක්ෂාව සපයා ඇති හෙයින් ඔහුටත් පාතාලෙට සම්බන්ධකම් ඇත්ද යන්න විමසීමට සිදුවන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ අද (29) සමඟි ජන බලවේගයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවේදීය.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

”රටේ පාතාල සමාජිකයන්ගෙන් තර්ජන නැති, ජීවිත තර්ජන එල්ල වී නැති පිරිස් සඳහා පමණක් නෙවෙයි පොලිසිය ආරක්ෂාව ලබාදී තිබෙන්නේ. වර්තමාන රජය ජනාධිපතිවරයාගේ, අගමැතිවරියගේ ආරක්ෂාව උපරිම ලෙස වැඩි කරන්න කටයුතු කරනු ලබනවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ පැලැවත්ත කාර්යාලයට වගේම ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වාටත් ආරක්ෂාව ලබාදී තිබෙනවා. ඔවුනුත් පාතාලයට සම්බන්ධදැයි අපිට ප්‍රශ්නයක් මතුවෙනවා. නමුත් බලය ලබාගැනීමට පෙර මොවුන් ප්‍රකාශ කළේ ආරක්ෂාවක් අවශ්‍ය නැති බවයි. නමුත් දැන් ඔවුන් විශාල ආරක්ෂාවක් ලබා ගන්න කටයුතු කර තිබෙනවා. ඒ වගේම ආරක්ෂාවට සුළු පිරිසක් සිටියොත් ප්‍රමාණවත් බව අගමැතිවරිය ප්‍රකාශ කළා. නමුත් ලංකාව තිබෙන තත්ත්වය අනුව ආරක්ෂාව වැඩි කර ගන්නා ලෙස කළ ඉල්ලීම පරිදි ආරක්ෂක භටයින් වැඩි කරගත් බව අගමැතිවරිය ප්‍රකාශ කර තිබුණා. එසේ නම් රටේ මහජන නියෝජිතයන්ගේ සහ රටේ මහජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙනුත් මීට වඩා වැඩියෙන් සිතන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි. ඒ වගේම පාතාල සමාජිකයන් සමග විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු සම්බන්ධ බවට ප්‍රකාශ සිදුනොකරන ලෙස ආණ්ඩුවෙන් අපි ඉල්ලා සිටිනවා. එවැනි චෝදනාවක් තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර ප්‍රකාශ නිකුත් කරන්නැයි අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.” යනුවෙනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීලයේ ෆවෙලාහි හදීසි වැටලීමකින් පුද්ගලයන් 64ක් ජිවිතක්ෂයට; 81ක් දෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ රියෝ...

පියල් මනම්පේරිට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස්...