කොළඹ LNW:ගොවියා රකින බවට ප්‍රකාශ කළ ආණ්ඩුව ලුණු මිලදී ගැනීමේදී මැනීමට පටන් ගෙන තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ආණ්ඩුවේ මෙම තීරණය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ පොල් ගෙඩියක වට ප්‍රමාණය අනුව මිල නියම කළ ආකාරයට සමාන බවත් එදා එය විවේචනය කළ ජනතා විමුක්ති පෙරමුණ අද බලයට පැමිණි පසු යන්නේ එම අඩිපාරේම බවයි විපක්ෂ නායකයා සඳහන් කළේ.
මෙය ඉතාම විහිළු සහගත ක්‍රියාවක් බව ප්‍රේමදාස මහතා පැවසුවේය.
දිගින් දිගටම අප රටේ ලොකු ලූණු ගොවියා මුහුණ දෙන ප්‍රශ්න ගැටලු ගැන වත්මන් රජයට කරුණු ඉදිරිපත් කළත් අද වන විට කිසිදු ප්‍රායෝගිකත්වයකින් තොරව ලොකු ලූණු මිල දී ගැනීමට රජය අමුතුම කොන්දේසි පනවා ඇති බවත් මෙහිදී රජය මිලදී ගන්නා ලොකු ලූණු කිලෝවකට ගෙඩි 8ක් තිබිය යුතු බවට අනිවාර්ය කර ඇති බවත් එම එක් ගෙඩියක් ග්‍රෑම් 125ක් ලෙස සහ ලොකු ලූණු ගෙඩියක විශ්කම්භයත් රජය කොන්දේසියක් ලෙස ඉදිරිපත් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බව කියා සිටියේ වත්මන් රජය විසින් ලොකු ලූණු මිල දී ගැනීමේ දී දමා ඇති කොන්දේසි සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
මේ කොන්දේසි ඉදිරිපත් කිරීම තුළ ලොකු ලූණු ගොවියාගෙන් ලොකු ලූණු මිල දී ගැනීම අවම කිරීමට යොදා ගත් උපක්‍රමයක් ලෙස මෙය දකින බවයි හෙතෙම සඳහන් කළේ.
ලොකු ලූණු වෙනුවෙන් ආනයනික බද්දක් පනවා ලොකු ලූණු ගොවියාට ඉහළ මිලක් ලබා දෙනවා කියා රජය පුරසාරම් දෙඩුවාට බද්ද පැනවීමට පෙර රජයට සම්බන්ධ ගජමිතුරන් හරහා ලොකු ලූණු ආනයනය කර ගබඩා කර ආනයනයකරුවන්ට වාසියක් ලබා දීමට රජය කටයුතු කර ඇති බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
ආශිකා බ්‍රාහ්මණ
