නවසීලන්තය, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව නො’ගහ උඩට, ඇෆ්ගනිස්තානය නො’ගහ පහතට

Date:

ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියට වර්ෂාවෙන් එල්ලවන බාධා නිසා තරග විශාල ප්‍රමාණයක් අත් හැර දමන්නට සිඳුවෙමින් ඇත.අද ශ්‍රී ලංකාව සහභාගි වන කාණ්ඩයේ එංගලන්ත – ඕස්ට්‍රේලියා තරගය මෙන්ම ඇෆ්ගනිස්තාන – අයර්ලන්ත තරගයද අත හැර දැමීමෙන් පසුව, ලකුණු සමවීම හේතු කොට ගෙන හිමිවන සම ලකුණු පදනම් කරගෙන දෙවන ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව පස්වන තැනට තල්ලු කරමින් කණ්ඩායම් තුනක්ම ඉදිරියට පැමිණුනා.

එසේම තරග දෙකක්ම ජය පරාජයෙන් තොර වීම නිසා තීරණය ලද තරගයද පරාජය වී සිටින ඇෆ්ගනිස්තානය තව දුරටත් අවසාන ස්ථානයේම රැදී සිටිනවා.අද තරග පැවත්වූවා නම්.ලකුණු වේගය අනුව ඉදිරියෙන් සිටින ශ්‍රී ලංකාව ලකුණු පූවරුවේ පස්වන තැන පහළ වැටෙන්නට ඉඩක් නැහැ.එසේ වූවා නම් අඩුම තරමේ තව එක් ස්ථානයක් හෝ උඩින් රැඳෙන්නට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිවන්නට තිබුණා.
එසේම හෙට පැවත්වෙන්නට තිබෙන ශ්‍රී ලංකාව සහ නවසීලන්ත අතර තරගය ජයගන්න කණ්ඩායමට ලකුණු සටහනේ ඉදිරියට ඒමට අනිවාර්යයෙන් හැකියාව ලැබෙනවා.ජය පරාජයෙන් තොර වුවහොත් නවසීලන්තයට පළමු තැනත් ශ්‍රී ලංකාවට දෙවන තැනත් ලෙස කාණ්ඩයේ සියලු කණ්ඩායම් තරග තුනක් හමාර කරද්දි රැදී සිටින්නට අවස්ථාව ලැබෙනවා.දැනට එම කාණ්ඩයේ ලකුණු සමවීමක් නොලද එකම කණ්ඩායම වන්නේ ශ්‍රී ලංකාවයි.



RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ අරමුදලට හුණුපිටිය ගංගාරමයෙන් රු. මි. 30ක මූල්‍ය පරිත්‍යාගයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ආපදාවෙන් විපතට පත්...

නාවික හමුදාවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීම අඛණ්ඩව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඊයේ දිනයේ (04)...

‘Rebuilding Sri Lanka’අරමුදලට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් රු. මි. 635කට ආසන්න මුදලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : මේ වනවිට ...

ලොව හොඳම නගර 10 මෙන්න

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 05: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...