දේශීය පුවත් විස්තරය: සාරාංශය 10/29

Date:

1. ආගමික විරෝධී ක්‍රියාවල යෙදෙන පූජකවරුන් පිළිබඳව නායක හිමිවරුන් දැනුවත් කිරීමටත්, අවශ්‍ය අවස්ථාවලදී ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමටත් නව යාන්ත්‍රණයක් හඳුන්වා දෙන බව බුද්ධ ශාසන කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක ප්‍රකාශ කරයි.

2. දිවයින පුරා නව පොලිස් ස්ථාන 200කට අධික සංඛ්‍යාවක් පිහිටුවීමේ රජයේ වැඩපිළිවෙල තාවකාලිකව අත්හිටුවා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි – ඊට හේතුව අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන නොමැතිකම සහ පොලිස් නිලධාරීන්ගේ හිඟය බව අවධාරණය කරයි.

3. 2022 පළමු මාස ​​9 තුළ ලිංගික අපයෝජන සිදුවීම් 199 ක්, බාලවයස්කාර දැරිවියන් අපයෝජනයට ලක්වූ සිදුවීම් 951ක්, කුඩා දරුවන් අපයෝජනයට ලක්වූ සිදුවීම් 273ක් ඇතුළු සමස්ත සිදුවීම් 1,423ක් පොලීසියට වාර්තා වී ඇත – පසුගිය වසරෙහි මෙම සංඛ්‍යාව 1,475 ක් විය.

4. මහබැංකු අධිපති ආචාර්ය වීරසිංහගේ ධුරකාලයේ ප්‍රථම දින 203 තුළ මහ බැංකුව දිනකට රු. බිලියන 3.4 ක සාමාන්‍යයක්‌ ලෙස, රු. බිලියන 691 ක අතිවිශාල මුදලක් “මුද්‍රණය” කර ඇත – හිටපු මහබැංකු අධිපති කබ්රාල්ගේ දින 203ක මුළු ධුරකාලය තුළ “මුදල් මුද්‍රණය” කර ඇත්තේ, දිනකට රුපියල් බිලියන 2.2ක සාමාන්‍යයක් ලෙස රුපියල් බිලියන 446කි – වීරසිංහගේ ධුරකාලය තුළ මේ දක්වා “මුදල් මුද්‍රණයේ” දිනකට සියයට 54ක වැඩිවීමක් පෙන්නුම් කරයි.

5. රු. බිලියන 14ක (ඇ.ඩො. මිලියන 37.8ක) ක්‍රිප්ටෝ-මුදල් වංචා සිදු කළ බවට සැක පිට චීන ජාතිකයන් දෙදෙනෙකු සහ මෙරට පුද්ගලයකු රහස් පොලීසියේ අත්අඩංගුවට පත්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශ කරයි – එසේම “විශාල ප්‍රතිලාභ” (big returns) සහතික කරන්නේ වංචාකරුවන් පමණක් බව පොලීසිය ප්‍රකාශ කරයි – ශ්‍රී ලංකා රජය භාණ්ඩාගාර බිල්පත් දැන් වසරකට සියයට 33 කට වඩා ප්‍රමාණයක් ගෙවයි.

6. අවුරුදු 5ට අඩු දරුවන් සිටින මව්වරුන් විදේශ රැකියාවලට යාම වළක්වන ලෙස තමන් ජනාධිපති වික්‍රමසිංහ ගෙන් නිල වශයෙන් ම ඉල්ලා සිටින බවට රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහගෙන් ප්‍රකාශයක්!

7. “නාටක” නවතා දමා රටේ සහ ජනතාවගේ යහපත ගැන සොයා බලා කටයුතු කරන ලෙස දේශපාලන සගයන්ගෙන් ඉල්ලා සිටින බව හෝටල් සංගමයේ සභාපති එම්. ශාන්තිකුමාර් පවසයි – “නොහික්මුණු” විරෝධතා නිසා ජනතාවගේ සහ ව්‍යාපාරවල දෛනික කටයුතුවලට බාධා පමුණුවන බව පවසයි – එවැනි ක්‍රියාකාරකම් වළක්වන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

8. මෝටර් රථ සොරකම් ඇතුළු සොරකම් සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍යප්‍රකාශක පවසයි – 2022 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ මාස 9 ක කාලය තුළ වාහන සොරකම් 1,406ක් – 2021 වර්ෂය තුළ වාහන සොරකම් 1,405ක් – මීට ප්‍රධාන හේතුව වාහන හිමියන්ගේ නොසැලකිල්ල බව ද වාර්තා වේ.

9. ඉන්දියන් සාගරය ලෝක මිලිටරි බලවතුන් සඳහා “ක්‍රීඩා පිටියක්” නොවිය යුතු බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ප්‍රකාශ කරයි – සාගරය යනු නැගෙනහිර සහ බටහිර අතර සන්නිවේදන කටයුතු වලට, විශාල බලශක්ති ධාරිතාවයක් සඳහා මෙන්ම අමුද්‍රව්‍ය සහ ආහාර සැපයුමේ වැදගත් මර්මස්ථානයක් බව ප්‍රකාශ කරයි.

10. අත්‍යවශ්‍ය ඖෂධ 383 කින් 160 ක ම හිඟයක් පවතින බව ‍ඖෂධ සැපයුම් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ඩී. ආර්. කේ. හේරත් ප්‍රකාශ කරයි – දායකයන්ගේ උපකාරය බලාපොරොත්තුවන බව ද පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාර්ල්ස් රජුගේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මුහම්මද් යූනුස් “Harmony Award 2025” සම්මානයෙන් පිදුම් ලබයි!

සටහන – පුලීජූනි 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ...

හෙට දකින උළෙලක අදට වඩා වටිනාකමක් දී දැකිය යුතු ප්‍රතිපල

නිශ්මං රණසිංහ ජුනි 16, කොළඹ LNW: මීටර් 400 කඩුලු ඉසව්ව...

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...