ගම්පහ පාසලක වෙඩි තැබීම් ඉහළින්

Date:

ලංකාවේ ඉහළ ප්‍රමිතියෙන් යුත් වෙඩි තැබීම් පිටියක් පළමු වරට පාසලක ඉදිකිරීම ගම්පහෙන් වාර්තා වෙනවා.ගම්පහ සුමේධ විද්‍යාලයේ ඉදි වූ එම වෙඩි තැබීම් පිටිය විවෘත කිරීම නොවැම්බර් 01 දා පස්වරු 2.00 ට එම විද්‍යාල භූමියේදී සිදුවීමට නියමිතයි.එකවර 12 දෙනෙකුට වෙඩි තැබීමට එක්වීමට හැකි පරිදි තනා ඇති මෙම වෙඩිතැබීම් පිටිය පළමුවැනිදා ට පසුව ලංකාවේ වෙඩි තැබීම් කේෂත්‍රයට ප්‍රමිතිගත වෙඩි තැබීම් පිටියක් සේ එක්වීමට නියමිතයි.
එම අවස්ථාවට බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂිකා ධම්මිකා කුලතුංග,අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂ උපාලිඅමරතුංග,ගම්පහ කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ අනුර ප්‍රේමලාල්,ගම්පහ කළාපයේ සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂ එච්ඩීඒඩී මනෝහර යන අය ද එක්වීමට නියමිත බව වාර්තා වෙනවා.ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මෙන්ම ගම්පහ ප්‍රදේශයේ සියලු පාසල්වල විදුහල්පතිවරුන් ද,මෙම අවස්ථාවට ආරාධනා ලැබ සිටිනවා.
මෙම වෙඩි තැබීමේ මධ්‍යස්ථානයේ පුහුණු කටයුතු හිටපු නියෝජ්‍ය පොලිස්පති ගාමිණි වල්ගම යටතේ ක්‍රියාත්මක වන අතර වීවෘත කිරීමේ උත්සවයට සුමේධ සිසු පිරිසක් විසින් වෙඩි තැබීමේ ඉසව්වේ මූලිකාංග ඇතුළත් වෙඩි තැබීමේ සංදර්ශනයක්ද එක් කිරීමට නියමිතයි.

දැනටමත් සුමේධ විද්‍යාලයේ බොහෝ ක්‍රීඩාවල ගෘහස්ථ ක්‍රීඩා පහසුකම් මෙන්ම පිහිණුම් ක්‍රීඩාව වෙනුවෙන් පිහිණුම් තටාගයක්ද ඇති අතර බොහෝ ප්‍රදේශවල ක්‍රීඩා නැඟීම සඳහා වන යටිතල පහසුකම් ඌනතාවය විසදීම සඳහා ගම්පහ සුමේධ විද්‍යාලය ගම්පහ ප්‍රදේශයට විශාල දායකත්වයක් ලබා දෙන මධ්‍යස්ථානයක් බවට පත්ව තිබෙනවා.
ලංකාවේ පාසල් මට්ටමින් ක්‍රීඩා කුසලතා හඳුනාගැනීමට යටිතල පහසුකම් මෙන්ම පුහුණුකරුවන්ද හිඟ තත්ත්වයක් දකින්නට ඇති අතර ජාතික මට්ටමෙන් ක්‍රීඩාවව පහළ අඩියක තිබෙන්නට මේ තත්ත්වය ද හේතු වෙනවා.උදාහරණයකට ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් කන්ඩායම ගත්තද ඒ බොහෝ දෙනෙක්ට පාසල් මට්ටමෙන් ක්‍රීඩා කරන්නට ඉඩ ලැබී නැහැ.එසේම මලල ක්‍රීඩා වැනි විශාල දෙනෙක් නියෝජනය කරන ක්‍රීඩා ගත්ත ද,තත්ත්වය එබඳුයි.සමහර ජාතික මට්ටමේ ක්‍රීඩකයින්,ජාතික වාර්තාලාභින් තමන්ගේ ක්‍රීඩා හැකියාව හඳුනාගෙන තිබෙන්නේ ද රැකියාවේදී ලද අවස්ථාවන් නිසා මිස කුඩා කාලයේ සිට තිබුණු විධිමත් පුහුණුරටා සහ පහසුකම් හරහා නොවේ.එවැනි පරිසරයක ක්‍රීඩාවේ යටිතල පහසුකම් පාසල් මට්ටමෙන් ව්‍යාප්ත කිරීමට මැදිහත් වෙමින් සිඳුවන මෙවැනි ක්‍රියාකාරකම් අතිශයින් වැදගත් වන අතර ඒ නිසා මෙය වෙඩිතැබීම් පිටියක් පමණක්ම නොව ලංතාවේ සමස්ත පාසල් ක්‍රීඩාව වෙනුවෙන්ම නිවැරදි ඉලක්කයක් ගැනීම සේ හැඳින්විය හැකියි.



RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කීර්ති තෙන්නකෝන් ඇමති සමන්තගෙන් සහ ITN නාලිකාවෙන් මිලියන 100 ක් වන්දි ඉල්ලා නඩු පවරයි

වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න...

රනිල් කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකදී සජබ පිරිසක් නැවතත් හමුවෙලා ?

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 20) දිනයේදී නැගෙනහිර, ඌව...

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...