නාල්ගේ සුළි කුණාටුව හේතුවෙන් පිලිපීනයේ මියගිය සංඛ්‍යාව 72ක දක්වා ඉහළට

පිලිපීනයේ පැයට කිලෝමීටර් 160ක වේගයකින් හමාගිය නාල්ගේ නිවර්තන කුණාටුව හේතුවෙන් 72දෙනෙකු මිය ගොස් 33 දෙනෙකු තුවාල ලබා ඇති අතර පුද්ගලයින් 14 දෙනෙකු අතුරුදන්ව ඇති බව පිලිපීනයේ ආපදා ඒජන්සිය වාර්තා කර තිබේ.

පිලිපීනයේ නැගෙනහිර කැටන්ඩුවාන්ස් පළාතට සුළි සුළඟ ගොඩබැසීමත් සමඟ දකුණු පළාතේ හදිසි ගංවතුර හා නාය යෑම් වාර්තා වී ඇත. මැනිලා අගනුවරට මේ වන විටත් අඛණ්ඩව පැය 10ක් තිස්සේ වර්ෂාව ලැබෙමින් පවතින අතර මේ තත්වය හෙට දිනය දක්වා පවතින බව රාජ්‍ය කාලගුණ ඒජන්සිය අනතුරු අඟවා තිබේ.

අවධානම් සහිත කලාපවල පුද්ගලයන් 7000ක් පමණ මේ වන විට ආරක්ෂිත ස්ථානවලට යොමු කර ඇති අතර පීඩාවට පත් වූවන් වෙනුවෙන් සහන සේවා දිගින් දිගටම ක්‍රියාත්මක වෙමින් ඇති බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

සාමාන්‍යයෙන් වාර්ෂිකව නිවර්තන කුණාටු 20ක් පමණ පිලිපීනයට පහර දෙන අතර පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් ජූනියර්, කුණාටුවෙන් ජීවිතක්ෂයට පත් වූවන්ට ශෝකය පළ කළ අතර, දැඩි ලෙස පීඩාවට පත් ප්‍රදේශවලට ආහාර සහ අනෙකුත් ද්‍රව්‍ය සැපයුම් සමඟ හදිසි සේවා යොදවා ඇති බවට තහවුරු කර ඇත.

සශිකලා මධුෂාණී_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රිය අනතුරු අවම කිරීම වෙනුවෙන් තවත් පියවරක් – ඔක්තෝම්බර් 01 සිට වෙන්න යන දේ!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන්ගේ ලකුණු අඩුකිරීමේ ක්‍රමවේදයේ...

අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් චාමික කරුණාරත්නට වරෙන්තු!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : අධිකරණය හමුවේ පෙනී...

යෝෂිතට එරෙහි රු. මිලි. 59ක මුදල් විශුද්ධිකරණ නඩුවට අධිකරණය දිනයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ...

ඩෙංගු රෝගීන් 100,000 පනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : ජාතික ඩෙංගු මර්දන...