*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

‘දරුවන්ට මස්, බිත්තර, කිරි දෙන්න බැහැ’: ලංකාවේ ආර්ථික අර්බුදයේ බර දරුවන්ගේ කර මතින්

උද්ධමනය 94.9% දක්වා ඉහළ යාමත් සමඟ ළමා මන්දපෝෂණය ඉහළ යමින් පවතින අතර මේ හේතුවෙන්  දෙමාපියන්  බොහෝ දෙනෙකු තම දරුවන් පාසල් යැවීමට මුදල් නොමැතිව අසරණ තත්ත්වයට පත් වී ඇත.

පසුගිය මාස කිහිපය තුළ, ශ්‍රී ලංකාවේ , කොළඹ නගර මධ්‍යයේ පිහිටි රජයේ පාසල්හී, පන්තිය මැදදී ළමුන් ක්ලාන්ත වීම සාමාන්‍ය දෙයක් බවට පත් විය.ඒ වසර ගණනාවකට පසු දරුණුතම ආර්ථික අර්බුදය සමඟ රට දිගින් දිගටම  පොරබදමින් සිටින අවස්ථාවකයි.මෙහි ප්‍රතිඵලයක් ලෙස එක් ආහාර වේලක් හෝ සපයා ගැනීමට නොහැකිව අසරණ වී ඇති නිවෙස්වලින් පැමිණෙන සිසුන්, නිහඬව කුසගින්නෙන් පෙළෙමින් පාසලට පැමිණේ.

“දරුවන්ට අවශ්‍ය මස්, බිත්තර සහ කිරි ලබා දීමට දෙමාපියන්ට හැකියාවක් නැත,”පාසල් ගුරුවරයෙකු වන සඳරේණු අමරසිරි පවසන පරිදි ප්‍රවාහන ගාස්තු, නිල ඇඳුම් සහ සපත්තු ලබා ගැනීමට නොහැකිව මූල්‍ය දුෂ්කරතා රැසකට මුහුණ දෙන බොහෝ පවුල් වල දරුවන් හට පාසල් අධ්‍යාපනය අහිමි වී ඇති බව හෙතෙම පැවසීය. ඒ අනුව ඔහු තවදුරටත් කියාසිටියේ කුසගින්න නිවාදැමීමේ උත්සාහයක් ලෙස මෙම මස ක්‍රියාත්මක වන පරිදි පාසල් විසින් සිසුන්ට මූලික දිවා ආහාරය ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කළ බවයි.හෙතෙම තවදුරටත් පැවසුවේ ආහාර සදහා වන මිල ගණන් නිසා එය තරමක් දුෂ්කර කාර්යක් වන බවයි.

දූෂණය, වසංගතය සහ යුක්රේන යුද්ධයෙන් සංකලනය වූ විනාශකාරී ආර්ථික තීරණ මාලාවක ප්‍රතිඵලයක් ලෙස ආහාර, ඉන්ධන සහ ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමට කිසිදු විදේශ මුදල් සංචිතයක් නොමැතිව රට මුහුණ දී ඇත්තේ දරුණු ව්‍යසනයකටයි.මේ නිසා ආහාර හිඟය, විදුලිය ඇනහිටීම් සහ පාසල් වසා දැමීම් ද  දිවයිනේ මිලියන 22 ක ජනතාව සඳහා දැන් සාමාන්‍ය දෙයකි.

ආහාර උද්ධමනය අඛණ්ඩව ඉහළ ගොස් ඇති අතර, කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව සැප්තැම්බර් මාසයේදී වාර්තාගත 94.9% ක අගයක් වාර්තා කරයි, එනම් දෙමාපියන්ට සහල් සහ පරිප්පු වැනි මූලික ද්‍රව්‍ය පවා ලබා ගැනීමට නොහැකි වී ඇති අතර එළවළු සහ මස් බොහෝ කුටුම්භවලට දැරිය නොහැකි සුඛෝපභෝගී භාණ්ඩ බවට පත්ව ඇත.ඒ අනුව බොහෝ දෙනා විශ්වාස කරනුයේ අර්බුදයේ වැඩි බර දරුවන් හට ලෙසයි.

  අබලන් වූ අර්බුදය හා මූල්‍ය අවභාවිතය  සම්බන්ධයෙන් දොස් දැරූ හිටපු  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහ කිරීමෙන් අනතුරුව රාජපක්ෂ සගයා වන රනිල් වික්‍රමසිංහ වෙත එම බලය පැවරුණී.හෙතෙම ලංකාවේ ආර්ථික දුෂ්කරතා සමනය කිරීමට සුළු වශයෙන් දායක වූවත් විශේෂඥයින් අනතුරු අඟවන්නේ ඩොලර් බිලියන 2.9 ක (පවුම් බිලියන 2.5 ක) ණයක් තිබියදීත්, රට නැවත දෙපයින් නැගිටීම සඳහා වසර ගණනාවක් ගත විය හැකි බවයි.

ශ්‍රී ලංකාව පුරා ළමා මන්දපෝෂණය ඉහළ ගොස් ඇති මෙවැනි අවස්ථාක සේව් ද චිල්ඩ්‍රන් වලට අනුව , පවුල්වලින් තුනෙන් දෙකක් දැන් තමන්ම පෝෂණය කර ගැනීමට අරගල කරමින් සිටියි. තවද යුනිසෙෆ් හි දකුණු ආසියාවේ කලාපීය අධ්‍යක්ෂ ජෝර්ජ් ලැරියා-ඇඩ්ජේ පවසන්නේ ඊළඟ ආහාර වේල ලැබෙන්නේ කෙසේද කොතැනද යන්න හරි තේරුමක් නොදැන ළමයින් නින්දට යන බවයි.

ශ්‍රී ලංකාවේ උතුරේ දරිද්‍රතාවයෙන් පෙළෙන ප්‍රදේශවල දෙමාපියන් තම දරුවන්ව තවදුරටත් පෝෂණය කළ නොහැකි බැවින් රැකවරණ නිවාසවල තැබීමට පටන් ගෙන තිබේ. මාධ්‍යයට කතා කිරීමට බලයක් නොමැති උතුරු පළාතේ ළමා ආරක්ෂණ අංශයේ සේවය කරන නිලධාරියෙක් ගාඩියන් පුවත්පතට අවධාරණය කළේ මුල්‍ය ප්‍රශ්න නිසා වැඩි වැඩියෙන් දෙමාපියන් තම දරුවන් ළමා නිවාසවල දමා යන්නේ තවදුරටත් ඔවුන් හට තම දරුවන් පෝෂණය කිරීමට හැකියාවක් නොමැතිකම නිසාම බවයි.

උතුරු පළාත් ළමා සේවා සඳහා මෙතෙක් ලබා දී තිබූ රුපියල් මිලියන 65 ක මුදල් කප්පාදු කර ඇති අතර එයින් පෙනී යනුයේ මුදල් ප්‍රශ්න ඇති පවුල්වලට සහය ලබා දීමට බලධාරීන් පවා අපොහොසත් වී ඇති බවයි. පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛනවලට අනුව මේ වසරේ මුල් මාස හය තුළදී, උතුරු කලාපයේ ළමුන් 246 දෙනෙකු රැකවරණ නිවාස වෙත යවා ඇති අතර, 2021 වසර සඳහා රාජ්‍ය රැකවරණයට ඇතුළත් කළ ළමුන් 146 ට වඩා දෙගුණයක් පමණ වේ.

විශේෂඥයන් පවසන්නේ ළමා සංවර්ධනය සඳහා දිගුකාලීන බලපෑම් තවදුරටත් උග්‍ර විය හැකි අතර ශ්‍රී ලංකාවේ සාක්ෂරතා අනුපාතය වන 92% ට එය පූර්ණ ලෙස බලපෑම් කළ හැකි බවයි.

අද වන විට මාළු, කිරි සහ මාංශ දුරස්ථ මතකයන් බවට පත්වී ඇති අතර හතර දෙනෙකුගෙන් යුත් පවුල් ජීවත් වන්නේ සරල ආහාරයක් වන බත්, පරිප්පු සහ සම්බෝල පමණකින් බව පවසා සිටියේ කොළඹට නුදුරින් යක්කල ප්‍රදේශයේ පදිංචි මවක් වන 34 හැවිරිදි ඉෂංකා මධුවන්තියි. මුදල් නොමැතිකම නිසා තම දරුවන් පෝෂණය කිරීමේ කඨුක අත්දැකීමක් විදින ඇය තවදුරටත් ප්‍රකාශ කළේ පරිත්‍යාග වලින් ලැබෙන ආහාර වලින් සෑහීමකට පත්වනවා ඇර තම දරුවන් පෝෂණය කිරීමේ හැකියාවක් නොමැති බවත් දරුවන් දැනටමත් රෝගී තත්ත්වයට පත්ව ඇති බවත්ය.

OV

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan