මස්ක්ට පින් දෙමින් ට්‍රම්ප්පච්චි සමඟ නැඟිටිමු!

Date:

සමාජ මාධ්‍යන්හී නිතර නිතර කතා බහට පාත්‍ර වන උද්වේගකර බල කණුවක් වන ඩොනල්ඩ් ට්‍රම්ප්, පසුගියදා ආන්දෝලනාත්මක සිදුවීමකට හිමිකම් කීවේ ට්‍රම්ප් විසින් ගිනි ඇවිලූ කැපිටල් හිල් හී ඔහුගේ කෙරුවාව ලෝකයම හමුවේ අනාවරණය වීමෙන් අනතුරුවය. ඒ ඔහු සිය නිල ට්විටර් ගිණුමේ පළ කළ සටහනක් හේතුවෙන් දක්ෂිණාංශික අන්තවාදීන් වොෂින්ටන් වෙත එක්‍ රැස් වී කෝලහාලයක් නිර්මාණය වීමත් සමඟයි.

එය 2020 මැතිවරණ පරාජයෙන් පසු බලය රැක ගැනීමට ට්‍රම්ප් විසින් නිර්මාණය කරන ලද කූට උපක්‍රමයක් බව නිසැකය. මෙසේ තම බල ලෝභීත්වය තම ට්විටර් ගිණුම මාර්ගයෙන් ප්‍රචලිත කරමින් ජනතා ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලුවට ලක් කළ ට්‍රම්ප්ගේ වේදීකාව තවදුරටත් උණුසුම් වූයේ තවත් ධනවාදී පැලැන්තියේ අංකුරක් වන ඊලොන් මස්ක් විසින් පසුගියදා ට්විටර් තම සන්තකයට ලබා ගැනීමෙන් අනතුරුව සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයත් සමඟය.

ඔව්, ඇ.ඩො. බිලියන 44 කට මිලදී ගත් ට්විටර් සමාගමේ හිමිකාරීත්වය දැන් ටෙස්ලා අධිපති ඊලෝන් මස්ක් සතුය.

ට්විටර් සමාගම විසින් අත් හිටවනු ලැබූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිල ට්විටර් ගිණුම තමා නැවත පිහිටුවන බවට ඊලෝන් මස්ක් ව්සින් දැඩි ප්‍රකාශයක් ලබා දුන්නේ ධනවාදී දේශපාලනය හා සම්බන්ධ අන්තවාදී ක්‍රියා වලට තමාද සහය වන බව හඟවමින් දැයි කුකුසක් පැන නගිනු නොඅනුමානය. මන්ද ට්විටර් සමාගමෙන් එසේ ට්‍රම්ප්ගේ ගිණුම අවලංගු කළේ ඔහු තම බලය අනිසි ලෙස යොදා ගනිමින් ජනතාව උසිගැන්වීමට උත්සාහා කිරීම නිසාය. මෙහි අනිසි ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට ද පත්ව තිබිණි. එසේ වරදකාරී සිදුවීමක හේතුකාරයා වූ ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම යථා තත්ත්වයට පත් කිරීම බලවත් කියන්නා වූ පුද්ගලයන් එකිනෙකාගේ පිට කසා ගැනිමට කදිම නිදසුනකි.

නමුත් ඊලෝන් මස්ක් නම් පවසන්නේ ‘අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය’ සැමට තිබිය යුතු බවත්, එම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියේ නාමයෙන් ට්‍රම්ප් ගේ ගිණුම යළි පිහිටුවන බවත් ය. මස්ක් ට්විටර් සමාගම මිලදී ගත්තා පමණක් නොව තමා ට්විටර් සමාගම ‘මුදවා ගත්’ බව හඟවමින් තම අයිතිය පෙන්වීමට හාස්‍යජනක සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් ද දමා තිබේ.

වරක Reality TV නිවේදක ජිමී ෆැලොන් පවසා සිටියේ මෙය ලොව මිල අධිකම විහිලුව බවයි.

https://www.facebook.com/FallonTonight/posts/10160827105878896/

වර්ගවාදී හා අන්තවාදී දැක්මක කැපී පෙනෙන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රචණ්ඩත්වයේ සළකුණු ඇස් පනා පිටම අනාවරණය වී ඇති නමුත් වර්තමාන ට්විටර් අධිපති ඊලෝන් මස්ක් ඒ කිසිවක් නොසලකා ‘අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක්’ උදෘත කරමින් තම දක්ෂිණාංශික දැක්ම මුදුන් පමුණුවා ගනිමින් බලවත් අතට අත් දීමකට සැරසෙන බව දුටු සැණින්ම ප්‍රත්‍යක්ෂ වන කරුණකි. මස්ක් පවසන්නේ ට්විටර් සමාගම හැසිරෙන්නේ ‘වාමවාදී ව’ බව ය, එය වැරදි බවත් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සැමට තිබිය යුතු බවත් ය.

‘අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය’ අපි ද අනුමත කරන්නෙමු. එහෙත් ‘අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය’ භාවිතා කරමින් සමාජ මාධ්‍ය හරහා ජනතාව කුපිත කරවා ජීවිත 05 ක් අහිමිකළ ඩොනල්ඩ් ට්‍රම්ප් වැන්නකුට, සොරකමක් කළේ යැයි කළු ජාතිකයකු ගෙල සිරකර මරා දැමූ පොලිස් නිලධාරියා සිදුකළේ ‘නිවැරදි ක්‍රියාවක්’ යැයි සාධාරණීකරණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප් වැන්නකුට, සමාජ මාධ්‍ය විසින් ලබා දුන්නේ නිවැරදි දඬුවමක් මිස පළි ගැනීමක් නොවන බව අප වටහා ගත යුතුය. ලොව ගමන් කරන්නේ කුමන දිශාවකට ද යන්න අපි ද විමසිල්ලෙන් බලා සිටිමු. මන්ද මේ ගැන අපගේ මතය ප්‍රකාශ කරනවා හැරෙන්නට කළ හැකි අන් කිසිවක් නැත.

නමුත් නිසැකවම අපි නම් මස්ක් ගේ ආනුභාවය ලද ට්‍රම්ප් මෙන් ‘අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය’ අවභාවිතා නොකරන්නෙමු.

ඕවින්දි විෂ්මිකා_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රන් -රිදි – ලෝකඩවලට පසු අසුන නිපුනිට

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: වියට්නාමයේ පැවත්වෙන ආසියානු කණිෂ්ඨ...

පැතුම් නැංගුරම් දමයි – ශ්‍රී ලංකාව හොඳ තැනකට සේන්දු වෙයි

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

කෙහෙළියගේ දියණියන් දෙදෙනාට හා බෑණාට ඇප. එක් දියණියක් බන්ධනාගාරයට රැගෙන යයි !

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට...