තනතුරු තිබුණත් නැතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පෙනී සිටින බව සරත් ඒකනායක මහනුවර දී කියයි.

Date:

සටහන – නදීක දයා බණ්ඩාර

මහනුවර (LNW):
තනතුරු තිබුණත් නැතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අඛණ්ඩව ක්‍රියාකරන බව එහි නියෝජ්‍ය මහ ලේකම් සරත් ඒකනායක මහතා පවසයි.

තනතුරු වරප්‍රසාද පසෙකලා පක්ෂය ඉදිරියට ගෙන යාමට හැකි නායකත්වයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිවී තිබෙන බව එහි ක්‍රියාකාරීන් දැනුවත් කිරීම නිමිත්තෙන් මහනුවර දී පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් ඒ මහතා මේ බව කීවේය.
මැතිවරණ සඳහා සිය පක්ෂය සූදානම් යැයි කීවත් කුමන මැතිවරණයක් පවත්වයිද නැත්නම් මැතිවරණ පවත්වනවා ද නැද්ද යන්න පිළිබදව මුලින්ම දැන ගත යුතුව ඇතැයි ඒ මහතා කීහ. එක් තැනක පළාත් පාලන මැතිවරණය පවත්වන බව කියන ජනාධිපතිවරයා තවත් තැනකදී එය පැවැත්විය නොහැකි බව කියනවා. ඒ නිසා ඡන්දය තියනවාද නැද්ද යන්න ගැන මුලින්ම දැන ගත යුතුයි.

නමුත් කුමන මැතිවරණයක් ආවත් එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහනුවර දිස්ත්‍රික්කය තුළින් ඔසවා තැබීමට සූදානම් යැයි ද ඒ මහතා කීහ.
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය රට භාර දෙන විට ණය නොමැති රටක් වූ නමුත් අද රට ණය බරින් මිරීකී ඇතැයි කී ඒ මහතා ණය නොමැති රටක් බිහි කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂාව යැයි ද කීවේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පදික වේදිකාවල වෙළඳාමට නැවත කිසිසේත් අවසර දෙන්නේ නෑ – නගරාධිපති

ලෝක උරුම සංචාරක නගරයක් මෙන්ම පූජනීය නගරයක් වන මහනුවර...

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...