අශෝක ජයතුංග
වොෂින්ටන් නුවර (LNW):
? පුටින් රනිල් ට කල දේ…?
? රනිල් ලෙදර් ජැකට් ඇන්දේ ඇයි…..??
?ඇමති කොල 04 ක් පමණක් ඇනීම……??
? රමේශ් ගේ ඇමති කපුකම..??
? කෙහෙළියට පරිසර දීමේ විශ්වාසවන්තකම….??
? අමරවීර හරහා රනිල් ගේම් ගැසීම ඇත්තද…??
?ඇමෙරිකන් මහින්ද වාතයක්වීම….??
?බෙල්ල ගියත් කඳ ෆ්‍යිට් – මහාචාර්ය ආශු.
?රට ගොඩ ගන්නට ඇමෙරිකානු වන්දනාවේ ගිය නඩය…??
චීන සමුළුවට ගිය ජනපතිට පුටින් හමුදා සැලයුට් පාරක් දැම්මේ රනිල් සැලියුට් කල යුතු නායකයෙකු හෝ අත්දැකීම් බහුල අයෙකු නිසාදැයි දන්නේ පුටින්ම පමණි. සැලියුට් පාර කමින් ජෙනරල්ට ඇදපු රනිල්ට චීනයේ සිට පැමිණි විගස එජාප සම්මේලනයට යාමට තිබිණ. සාගල සුගතදාස එකට ගියේ එයාර් පෝට් එකෙන් බැහැපු ඇදුමින්ය. ඒ වනවිට රංගෙ ඇතුළු අය හතිදාගෙන වැඩය.
රනිල් සමුළුවට ආවේ ලෙදර් ජැකට් ගහගෙනය. “මේකාට ඔල්මාද දැයි” සමහරු සමාජ මාධ්‍ය වල විමසා තිබිණ. සීතලට ද ආරක්ෂාවට ජැකට් ඇන්දාදැයි දන්නේ ඔහු පමණය. සෙනඟ නැතිව සමුළුව හොම්බෙන් යාවි යයි සමහරු සිතුවේය. බලාපොරොත්තු වූවාටත් වඩා සෙනඟ ඒම කාගේත් සතුටට හේතුවිය. “ලබන වසරේ ජනපතිවරණය එනවා” රනිල් උද්දාමයෙන් කීවේ ජයග්‍රාහීව මුහුණ දෙන බව අඟවමිනි. වෙහෙස පසෙකලා ඔහු පසුදා මන්නාරම් ගියේ මුස්ලිම් ආගමික උත්සවයකටය. යළි පැමිණි රනිල් කාඩ් කූට්ටම අතට ගත්තේය. කාඩ් 04 ක් පමණක් ඇනුවේය.
ඇමතිකම් 04 ක් එහා මෙහා වූයේ ඒ තුළය. එහෙත් සෞඛ්‍ය දෙන්නේ කාටදැයි ප්‍රශ්නයක් විය. එය බාරගැනීමට වෛද්‍ය රමේශ් අදිමදි කළේ අහක යන මරාල ඇඟේ දාගෙන නාන්නට බැරි නිසාය. එහෙත් ඔහුට හිතවත් විදෙස් රටක මාධ්‍යකරුවෙකු හා ප්‍රවෘත්ති අධ්‍යක්ෂ දිනිත් හරහා ජනපතිට ගිය පණිවිඩයෙන් පසු සියල්ල විසදින.
ඇමතිකම බාරගත්තද කෙහෙළිය වැනි ඕනෑම මරාලයකට පසුනොබසින ප්‍රබලයෙකු නැටවූ නිලධාරී හා ඖෂධ මාෆියාවට රමේශ් කජ්ජකි. එහෙත් රමේශ් යනු වැඩ බැරි වුණත් ගම ගාල්ලේ හා රිචඩ් ලොක්කාගේ පුතාය.
“මාධ්‍ය හා ජනතා අදහස් වලට මුල්තැන දෙනවා. හදිසි මිලට ගැනීම් නවතලා හොද බේත් ගේනවා. මාෆියා වලට යට වෙන්නෙ නෑ. දූෂිත නිලධාරීන් එක්ක යන්න බෑ. කමිටුවකින් සියලු තීන්දු ගන්නවා. අදට වඩා හෙට හොද වේවි” රමේශ් වනලා ගැහුවේය.
කෙහෙළිය නන්නතාර වේයයි පිරිසක් බලාසිටියද අද ලොව ඇති හොදම ඇමතිකමක් වන පරිසර වලින් ඔහු සනසන්නට රනිල් පසුබට වූයේ නැත.
“පරිසර ලොක්කම තියාගන්නයි හිටියෙ. ඒක කෙහෙළියට දීපු එකෙන් ඔහු ගැන ඇති විශ්වාසය තහවුරු වෙනවා. ඒ පණිවිඩය කෙහෙළියට යැවීම ගැනත් ලොක්ක උනන්දු වුණා” රනිල්ගේ ගැට්ටේ කෙනෙක් කීවේය.
ලොකුම ජිම්කානාව ඇදුනේ අමරවීර හා සියඹලාපිටියට ය.
“හම්බන්තොට දී රාජපක්ෂලාට ගේම දෙන්න අමරවීරට තවත් ඔටුණ්නක් පැළදූ බව බැසිල් නාමල් හා පොහොට්ටුවේ මතය විය. ඔවුන් රනිල්ට කණ ළඟින් යන ප්‍රහාර දුන්නේ ඒ නිසාය. ඔවුන්ගේ සැකය හා අදෝනාව සාධාරණය. මීයක් කඩන්නේ අත ලෙවකන්නදැයි යන්න රනිල්ට පමණක් අදාළ නොවන්නට හේතුවක් නැත.
“ඒ කතාව වැරදියි. තරුණ දක්ෂ අය ජනපතිට සෙට් වෙනවට පොහොට්ටුවයි විපක්ෂයටයි දරන්න බෑ. කෘෂි හා වැවිලි එකට යැවීම විද්‍යාත්මක දෙයක්. ඇමතිවරු වැඩි කරල ඒ බරත් මිනිසුන්ට දාන්න බෑ. ජනාදිපති හිතුවෙ එහෙම” බෙල්ල ගියත් රනිල් වෙනුවෙන් කඳ පයිට් එකට දාන මහාචාර්ය ආශු මාරසිංහ කීවේ එහෙමය.
“අනික අමරවීරට වැඩිම ඇමතිකම් දුන්නෙ රනිල් නෙවෙයි ගෝඨා “ මාධ්‍ය අයෙක් ආශුට අලගු තැබීය.
ළඟ එන අයවැය ගැන ඉහළ සාකච්ඡාවක් තිබිණ. බදු වැඩි කිරීම, බදු අඩුකර රජයේ ආදායම් ඉහළ දාගැනීම හා පඩි වැඩි කිරීම ආදී කරුණු රැසක් කතාබහ විය. IMF දෙවන වාරිකය තවම ලැබී නැත. ඊට කොළපාට එළි දැල්වීම හොඳය. ණයබර පැත්තෙන් ගත්විට භයංකාරය.
ඇමෙරිකාවේ මහින්ද සමරසිංහ මොන තනතුරේ හිටියත් දගලන්නෙකි. ඇමෙරිකාවෙන් රු. කෝටි 3800 ක ඖෂධ හා පොහොර ගෙනා තානාපති ඔහු ය.
වසර 10 ක් පුරා මෙක්සිකෝවට ලංකාවේ ආර්ථික දැල එළීමට ට්‍රයි කල ද එය ඉටුකළේ ඇමෙරිකන් මහින්දය. අපේ තේ කුරුදු පිඟන් ඇඟලුම් කුළුබඩු ඇතුළු ඩො. මිලි. 800 ඉක්මවන අපනයන වලට පාර කපා ගත්තේ “ඔපරේෂන් මෙක්සිකෝ” හරහාය. ගොරවන තරමට වැසි වස්සන්නට මහින්දට හැකිදැයි සමහරු අහනවාය. කකුල් වනවනා සිටින තානාපතිලාට මහින්ද වාතයකි. ඇණයකි.
එකම ආණ්ඩුවකට ගොනුවී රට හදන්නට කඔ අදින ලංකා පාර්ලිමේන්තුවේ කට්ටිය විදෙස් ටුවර් යන්නට නම් එකට ගොනුවෙයි. ඩිලාන්, මහින්දානන්ද ,තලතා, රිෂාඩ්, මයන්ත මාන්නප්පෙරුම, හෙක්ටර් අප්පුහාමි ආදී 17 ක් වොෂින්ටන් ආවේ අධ්‍යයනයකටය.
“මේ පාර නම් හොඳටම අධ්‍යනය කරලා ලංකාව ගොඩම දාවි කියල ෂුවර් නේද” ඔවුන් කනබොන ඇවිදින පාටිදාන හැටි දුටු අයෙක් ටී. වී. චැනලයකට ඇමතුමක් දී අසා තිබේ.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??
