සටහන – රුවන් නෙළුගොල්ල
මෑතකදී අලුතින් මුදල් මුද්‍රණය කර ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනයක් නිකුත් කර තිබේ.
විවෘත වෙළඳපොල කටයුතු හරහා රුපියල් බිලියන 100ක් මුද්‍රණය කර ඇති බවට ඇතැම් මාධ්‍ය පළ කර ඇති වාර්තා පදනම් විරහිත ඒවා බවයි එම නිවේදනයෙන් දැක්වෙන්නේ.
මහබැංකුව විවෘත වෙළඳපොල කටයුතු සඳහා ද්‍රවශීලතාව ලබාදීම සාමාන්‍ය මහබැංකු කටයුත්තක් වන අතර එය හුදු මුදල් අච්චු ගැසීමක් ලෙස ලඝු කොට දැක්විය නොහැකි බවත් එම නිවේදනයෙන් අවධාරණය කර ඇත.