දුමිදු පෙරට,රසිඳු, ඔස්ට්‍රියා විවෘත තරගාවලි සූරයා ඉදිරියේ පසුබසියි

Date:

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 30,(LNW) කොළඹ :

ඉන්දුනීසියාවේ පැවත්වෙන WONDR by BNI Indonesia Masters II 2024 ජාත්‍යන්තර බැඩිම්නිටන් තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකාවේ දුමිදු අබේවික්‍රම මූලික වටයේ තරගයකදී මියන්මාරයේ පෝන් පයේ නේන්ග් පරාජය කරන්නට සමත් වුණා.ලකුණු 18-21,21-15 සහ 21-9 ක් වූ එම තරගය වට 2-1 ට ලෙස ජයගත් දුමිදු,අද ඉන්දියාවේ කිරාන් කුමාර් මේකලා සමඟ තරග වැදීමට නියමිතයි.


මේ වසරේ පැවති ඔස්ට්‍රියා විවෘත ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලිය ජය ගත් ඉන්දුනීසියාවේ ප්‍රදිස්කා බගාස් සුජිවෝ සහ රසිඳු හෙන්දහේවා අතර පැවති තරගයේදී ද රසිඳු තියුණු තරගයක් ලබා දෙමින් අනතුරුව ප්‍රදිස්කා ඉදිරියේ 2-1 ක් ලෙස පරාජයට පත් විය.ලකුණු තත්ත්වය දැක් වුණේ 15-21,21-9,21-17 ලෙස ය.
අද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රනිත්මා ලියනගේ ද කාන්තා අංශයෙන් තරග බිමට පිවිසීමට නියමිතය.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරිනාමවාදයේ පියාගෙ නමට නම් කළ ඩාර්වින් වෙත යන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: පරිනාමවාදය පිළිබඳව ලොවට ඉදිරිපත්...

බස් ගාස්තු ගැන තීරණයක්?

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : මේ වන විට...

එළඹ ඇත්තේ හොඳම කාලයයි – මැතිවරණ කොමසාරිස්

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : ප්‍රධාන මැතිවරණ තුනකට...