මන්නාරමේ මත්පැන් අලෙවිසැල අත්හිටුවීමට එරෙහිව අතුරු තහනම් නියෝගයක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මන්නාරම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මත්පැන් අලෙවිසැලක් පවත්වාගෙන යාම සඳහා නිකුත් කර තිබුණු බලපත්‍රයක් අත්හිටුවමින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති ලිපියක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් අභියාචනාධිකරණය විසින් නිකුත් කර තිබේ.

ඒ, අදාළ මත්පැල් අලෙවිසැලේ හිමිකරු වන ජයන්ත තිරිමාන්න විසින් ගොනුකර තිබූ පෙත්සමක් ඊයේ (ඔක්තෝබර් 29) සලකා බැලූ අවස්ථාවේදී ය.

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා, මන්නාරම ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු පිරිසකට නොතීසි නිකුත් කිරීමට ද අභියාචනාධිකරණය එහිදී නියම කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...