*
Thursday, November 21, 2024
spot_img

Latest Posts

පත් කරලත් නැහැ පත් කරපු අය දන්නෙත් නැහැ අනුග්‍රාහකයන්ගේ මුදල්වලට වගකියන්නේ කවුද?

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 29,(LNW) කොළඹ :

මේ දිනවල ප්‍රචාරනය වන රග්බි ලීග් තරගාවලිය පවත්වාගෙන යාම සඳහා පත් කරන ලද කමිටු නාම ලේඛණ තමන් විසින් පත් කර නැති බව අප වෙත ද,තවත් මාධ්‍ය වෙත ද ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් ශෙමාල් ප්‍රනාන්දු විසින් තහවුරු කර පවසා තිබෙනවා.ඒ අතර ‘ද මෝර්නින්ග්‘ පුවත්පත වාර්තා කරන අන්දමට එසේ ප්‍රසිද්ධ කරන ලද කමිටුවල අනුග්‍රාහක කමිටු සභාපති ලෙස පත් කර ඇති හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක රොහාන් අබේකෝන් පවසන්නේ තමන් එවැනි පත් කිරීමක් ගැන නොදන්නා බවයි.


මගේ නම කාරක සභාවලට ඇතුළත් කර ඇති බව මම දැන සිටියේ නැත, මට කිව හැක්කේ එවැනි පත්වීමක් පිළිබඳ නිල තහවුරු කිරීමක් මට ලැබී නොමැති බවත්, ඔබ මෙය ක්‍රීඩා අමාත්‍යාංශයේ DG සමඟ තහවුරු කර ගත යුතු බවත්ය ” රොහාන් ‘ද මෝර්නින්ග්‘ පුවත්පතට එසේ පවසා තිබෙනවා.


මේ තත්ත්වය අතිශයින් භයානක අතර අනුග්‍රාහකයින් මේ වන විටත් තරගාවලි වෙනුවෙන් මුදල් වැය කර ඇත්නම් ඒවා භාවිතා කරන්නේ කවුද සහ ඊට වග කියන්නේ කවුද යන ගැටළුව මේ තත්ත්වය අනුව මතුව එනවා.මේ වන විටත් ගිණුම් කටයුතුවල අක්‍රමිකතා සහ පාරදෘශ්‍යභාවය සම්බන්ධයෙන් ගැටළු ගණනාවකට මුහුණ දී සිටින බවට තොරතුරු වාර්තා වෙමින් තිබෙන තාවකාලික රගර් පාලනය භාවිතා කරමින්,එහි වගකීම්වලට නම් කර තිබෙන අයගේ නම්,ඩොලර් උපයන ගස් ව්‍යාපාර සම්බන්ධයෙන් ද කියවෙමින් තිබෙනවා.


ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ද මේ කිසිඳු විවේචනයක් මායිම් නොකර, SLR ව්‍යවස්ථාවට සංශෝධන ගෙන ඒම වැළැක්වීම සඳහා පළාත් සංගම් මේ වන විට වෛද්‍ය ෂෙමාල් ප්‍රනාන්දු මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ තහනම් නියෝගයක් ලබාගෙන තිබියදී ත්,මෙරට අධිකරණ තීන්දුවට වඩා ජාත්‍යන්තර සහ ආසියානු සංගම්වල බලපෑමක් ඇති බව කියමින් අධිකරණ නියෝගය දෙවන කොට කටයුතු කරමින් ව්‍යවස්ථා සංශෝධනයට උත්සාහ කරමින් නිලවරණය සඳහා අවශ්‍යය කටයුතු පමා කරමින් තිබෙනවා.

මේ තත්ත්වය නිසා ලෝක රග්බි ක්‍රීඩාවේ ගෝලීය පාලන ආයතනය එහි ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා SLR වෙත ලබා දී ඇති නොවැම්බර් 8 මුල් කාලසීමාව 2025 ජනවාරි 31 දක්වා කල් දමා තිබෙනවා.


එම කාලය තුළ අධිකරණයේ යාවත්කාලීන වූ තීන්දුව වන අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ව්‍යවස්තා සංශෝධනයට මැදිහත් නොවී නිලවරණයට පෙර පවත්වන විශේෂ මහා සභාව පැවත්වීමට දුන් තීන්දුව අනුව කටයුතු කර නිලවරණය පවත්වා පත්වන පරිපාලනයට ලෝක රග්බි ක්‍රීඩාවේ ගෝලීය පාලන ආයතනය සමඟ සම්බන්ධ වී අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනයට යන්නට අවසර දිය යුතු වුවත්,අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මුරණ්ඩු ලෙස තමා විසින්ම එය කිරීමේ උත්සාහයක නිරත වෙමින් සිටිනවා.එය ජාත්‍යන්තර සම්මේලනයේ උවමනාව පරිදි ලෙස පෙන් වුව ද,රටේ අධිකරණය මඟ හැර රටේ ක්‍රීඩා පරිපාලනයට හැසිරෙන්නට හැකි ද යන ගැටළුව මේ තත්ත්වය නිසා මතු වෙනවා.


හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් පැවති රගර් පරිපාලනය විසුරුවා හරින ලද්දේ වාර්ෂික කඩඉම් දිනය වන මැයි 31 ට පෙර සාමාන්‍ය සභා රැස්වීම පැවැත්වීමට අසමත් වීම හේතුවෙන් වුවත්,අමාත්‍යවරයාගේ සහ ජාත්‍යන්තර රග්බි සම්මේලනයේ එකඟතා පරිදි යැයි කියමින් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අසමත් පරිපාලනයේ සිටි පිරිස්ම රග්බි පරිපාලනය සඳහා යොදා ගැනීම පුදුමයට කරුණක් වුණා.ඔහු පවසන ලෝක රග්බි සහ අමාත්‍යවරයා අතර වූ එකඟතාවය සම්බන්ධයෙන් ද කිසිඳු ලිඛිත සාක්ෂියක් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සතුව නැහැ.එසේම එම පත්කිරීම්වලට එරෙහිව පරිපාලනය පත් කිරීම සඳහා ඡන්ද බලය හිමි ප්‍රාදේශීය සංගම් දක්වන විරෝධතා ගැන ලෝක රග්බි වෙත කිසිදු දැණුම් දීමක් කර නැහැ.එසේම විසුරුවන ලද පාලනයක පුද්ගලයින්ට පාලන කටයුතු පැවරීම සදාචාරසම්පන්න නොවන බව ලෝක රග්බි වෙත දන්වන්නට ද මේ දක්වා කටයුතු කර නැහැ.


ඉතා කීර්තිමත් හමුදා නිලධාරියෙක් වූ,ක්‍රීඩා පරිපාලනයට සම්බන්ධව සිටි අයෙක් වූ සහ මෑත කාලිනව ඔලිම්පික් උළෙල සඳහා තේරුණු ක්‍රීඩකයින් යැවීම සඳහා වෙහෙස වි කටයුතු කළ ශෙමාල් ප්‍රනාන්දුට ඉහත කිිසිඳු කරුණක් ඔහුගේ අත්දැකීම් සමඟ නොදැන සිටියා යැයි කියන්නට ද බැහැ.ඔහු අත්දැකීම් සහ සිය දැණුම තබා ගෙන ඒවා පසෙකට කර තනිකර දේශපාලන බලධාරියා විසින් දෙන ලද නියෝග එහි ඇති වැරදි – නිවැරදි තත්ත්වයන් සැළකිල්ලට නොගෙන ක්‍රියාත්මක කර තිබෙන බවක් පෙනෙනවා.

http://www.sportwaynews.com

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan