හිටපු ඇමති ජොන්ස්ටන් අධිකරණයට රැගෙන එයි!

Date:

කොළඹ LNW:නීත්‍යානුකූල නොවන ආකාරයට BMW සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍යවරයෙකු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද (30) යළි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේය.

එම මෝටර් රථයේ සිදුවීමට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දීම දින කිහිපයක් මඟහැර සිටියදී පසුගිය 23 වැනිදා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැය හතරක පමණ කාලයක් ප්‍රකාශයක් දීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනුණු අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට අධිකරණය නියෝග කරන ලදී.

එම BMW මෝටර් රථය මෙරට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නොමැති අතර එය භාවිතා කර තිබුණේ ව්‍යාජ අංක තහඩුවක් යොදාගෙන බවද විමර්ශන වලදී අනාවරණය වී තිබුණි.

එමෙන්ම අදාළ BMW මෝටර් රථයේ චැසි අංකය ජාත්‍යන්තර පොලීසියේ දත්ත පද්ධතිය ඔස්සේ පරීක්ෂාවට ලක් කිරීමේදී මෙය 2021 වසරේ එංගලන්තයෙන් සොරකම් කරන ලද මෝටර් රථයක් බව ද අනාවරණය විය.

ඒ අනුව එම මෝටර් රථය එකලස් කර ඇත්තේ මෙරටදීය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...